(නිමන්ති රණසිංහ)
ඉන්දියාවේ සිට බෝට්ටු මගින් මෙරටට රැගෙන එමින් තිබූ ‘මන්නාරමේ ශිවා’ නැමැත්තාට අයත් බව කියන රුපියල් කෝටි 8කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සන්තකයේ තබාගෙන සිටියැයි පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත් සැකකරුවන් පස් දෙනකු ලබන 20 වැනිදා තෙක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ රදවා තබාගෙන ප්‍රශ්න කිරිමට කොළඹ වැඩබලන ප්‍රධාන මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා අද (14) නියෝග කළේය.
මෙලෙස රැදවුම් නියෝග මත රදවා තබාගෙන ප්‍රශ්න කිරිමට අවසර ලබා දෙනු ලැබුවේ, මීගමුවේ පදිංචි වර්ණකුලසූරිය ඇන්ටනී ලෙස්ලි නාමෙල්, වර්ණකුලසූරිය ජෙන්සන් ප්‍රියන්ත ප්‍රනාන්දු, ඇන්ටන් පේඩිලන් දාබරේ, නයිනමඩම මුතුවැල්ල පදිංචි එච්. ජයන්ත ගාමිණී ෆොන්සේකා, කොච්චිකඩේ පදිංචි මිහිදුකුලසූරිය දිනේෂ් කුමාර යන අයවලුන්ය.
මීගමුව මංකුලිය ලෙල්ලමේදී මෙම සැකකරුවන් සහ කේරළ ගංජා තොගය පොලිස් විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීහු කණ්ඩායමක් මෙම වැටලීම සිදුකළ බවත් එම වැටලීමෙන් කේරළ ගංජා කිලෝ 644යි ග්‍රෑම් 547ක් තිබී අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අධිකරණයට දැනුම් දුන්නේය.
දකුණු ඉන්දියාවේ රාමේෂ්වරම් ප්‍රදේශයේ සිට මෙම කේරළ ගංජා තොගය රැගත් බෝට්ටුවක් මීගමුව ප්‍රදේශයට පැමිණෙන බවට පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති බවත්, මෙම සැකකරුවන් ධීවර කටයුතු මුවාමෙන් මෙම ඡාවාරම සිදුකර ඇති බවත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
පාර්ෂල් 280ක අසූරා තිබූ මෙම කේරළ ගංජා තොගය සැකරුවන් විසින් ගොබිමට රැගෙන එනු ලැබීමෙන් පසු ලොරියක අධාරයෙන් කොළම සහ අවට ප්‍රදේශවලට ප්‍රවාහනය කිරිමට සුදානම් කර තිබූ බව ද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අධිකරණයට දැනුම් දුන්නේය.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය, දින 07ක කාලයක් රැදවුම් නියෝග මත රදවා තබාගෙන ප්‍රශ්න කිරීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අවසර ලබා දෙමින් ලබන 20 වැනිදා තෙක් එම නඩුව කල් තැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd