
(යොහාන් භාසුර)
මහනුවර ප්‍රදේශයේ පිහිටි ආයතනයක් ආනයන කළ බහාලුම් දෙකක් අද දින ශ්‍රී රේගුවේ ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් සැක පිට භාරයට ගෙන පරික්ෂා කිරීමේදී ඒ තුල තිබී නීති විරෝධිව ආනයන කිරීමට උත්සහ කළ උඳු තොගයක් සොයා සොයාගත් බවත් එම උදු තොගේ වටිනාකම රුපියල් කෝටි 6 කට අධික බවත් ශ්‍රී ලංකා රේගුව පැවසීය.
සැකකාර ආයතනය මෙම බහාලුම් දෙකෙහි කඩල පරිප්පු කිලෝ 48,000 ක් අඩංගු බවට රේගු ප්‍රකාශනයේ සඳහන් කර තිබුනත් එහි කඩල පරිප්පු අඩංගුව තිබී ඇත්තේ කිලෝ 9,000 ක් පමණක් වූ අතර ඉතිරි කිලෝ 39,000 උඳු අඩංගු බවට රේගු නිලධාරීන් විසින් සොයා බව කී රේගුව මෙම උඳු තොගයේ වෙළඳපළ වටිනාකම රුපියල් 62,400,000 ක් වන බව ගණන් බලා ඇති අතර එම උඳු තොගය රේගුවට හසුනොවී නිදහස් වූවා නම් ඉන් රජයට රුපියල් 7,800,000 ක් බදු ආදායම අහිමි වන බවද සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් ශ්‍රී රේගුවේ ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන අතර විමර්ශන අවසානයේ රේගු පරීක්ෂණය පවත්වා භාණ්ඩ සියල්ල රාජසන්තක කර සැක කරුට වැඩිදුර දඩ නියම කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
487
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1052
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෝටි 6 කට අධික වටිනා උඳු තොගයක් රේගු දැලේ
Nimal Thursday, 13 July 2023 01:54 PM
අපරාදේ... කවුරුත් ඉඳලා නැද්ද අත යටින් ගාණක් අරන් ඕක පැහැදිලි කරලා දෙන්න. වෙළෙඳ ආයතනය මීට වඩා සූක්ෂමව වැඩ කරන්න තිබ්බා. දේශපාලන ලොක්කන් එහෙම යාලු කරන්...