
(යොහාන් භාසුර සහ ඉන්දිකා රාමනායක)
රුපියල් කෝටි 5 කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 175 කට ආසන්න තොගයක් සැකකරුවන් දෙදෙනෙක්, ඩිංගි යාත්‍රාවක් සමඟ නාවික හමුදා අත්අඩංගුවට ගැනීමට අද (18) සමත් විය.
උතුරු මැද නාවික විධානයේ නිලධාරීන් මන්නාරම, ඕළුතුඩුවායි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් පරික්ෂාවට ලක් කර එහි ගෝනි 6ක් තුළ අසුරා තිබූ මෙම කේරළ ගංජා තොගය සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගත් බවත් අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 33 සහ 34 යන වයසේ පසුවන වන වංකාලේපාඩු, උදයපුරම් ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් නාවික හමුදාව පවසයි.
සැකකරුවන්, කේරළ ගංජා තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි විමර්ෂණ කටයුතු සඳහා මන්නාරම පොලිස් ස්ථානයට භාරදුන් බව නාවික හමුදාව වැඩි දුරටත් පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd