(නිමන්ති රණසිංහ)

රුපියල් කෝටි 532 ක ආදායම් බදු මුදලක් රජයට නොගෙවා පැහැර හැරීමේ සිද්ධියකට අදාළව අධිකරණයේ පෙනී සිටි පර්පචුවල් ටේ‍ෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතා රුපියල් ලක්ෂ 75ක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. එන්. ඉලංගසිංහ මහතා අද (03) නියෝග කළේය.

මෙම සිද්ධියට අදාළව අධිකරණයේ පෙනී සිටින ලෙසට නිකුත් කළ සිතාසියකට අනුව මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ පෙනී සිටි අර්ජුන් ඇලේසියස් මහතාට එසේ ඇප නියම කෙරිණී.

මෙම නඩුව අධිකරණය හමුවේ ගොනුකරනු ලැබ තිබුණේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසිනි.

ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගම රුපියල් එකසිය හැට හත් රුපියල් කෝටි 532 (5,328,428,555/=) බදු මුදලක් නොගෙවා පැහැර හැරීමෙන් රජයට වංචාවක් සිදුකළේ යැයි දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ එහි අධ්‍යක්ෂ ධුරය දරන අර්ජුන් ඇලෝසියස් යන අයට එරෙහිව මෙම නඩුව ගොනුකර ඇත.