(මුදිතා දයානන්ද)

විදේශ ණය ආධාර යටතේ රුපියල කෝටි 7398 වැය වසර හතරත් හයත් අතර කාලයකින් අවසන් කරන්නට නියමිත වූ කොළඹ මහනගර සභා බල ප්‍රදේශයේ ව්‍යාපෘතිවලින් කෝටි 5233ක වැඩ 2022 වන විටත් අවසන්ව නැති බව විදේශ ආධාර යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳ විගණන වාර්තාවලින් අනාවරණය වේ.

එම වාර්තාවලට අනුව මෙම ව්‍යාපෘති කොළඹ මහ නගර සභාවත්, ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයත් එක්ව ක්‍රියාත්මක කිරිමට ගිවිසුම් ගතව ඇත.

එම වාර්තාවලට අනුව ජල සම්පාදන මණ්ඩලය ක්‍රියාත්මක කළ ඇතැම් ව්‍යාපෘති අවසන් කර ඇති අතර ඇතැම් ව්‍යාපෘති වල ප්‍රගතිය සියයට අනූවකට වඩා වැඩිය.

කොළඹ මහ නගර සභාව විසින් ක්‍රියාත්මක කළ යුතු වු ව්‍යාපෘතිවලින් එක් ව්‍යාපෘතියක් හැර අනෙක් සියල්ලම පවතින්නේ කොන්ත්‍රාත් පිරිනැමිමේ මට්ටමේය. ඒ අනුව ඇතැම් ව්‍යාපෘතිවල ප්‍රගතිය සියයට බිංදුවකි.