(ටී.කේ.ජී.කපිල )
රුපියල් හාර කෝටි අට ලක්ෂ හතලිස් දහස් අටසිය අසූ හතරයි ශත තිහක් වටිනා විදේශ මුදල් තොගයක් සිය ගමන් මල්ලේ සගවා ගෙන ඉන්දියාවේ චෙන්නායි වෙත රැගෙන යාමට තැත් කළ ඉන්දීය ජාතිකයෙකු අද(05 ) අලුයම කටුනායක ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් අත් අඩංගුවට ගෙන තිබේ .
මොහු 45 හැවිරිදි ඉන්දීය ජාතික ව්‍යාපාරිකයෙකු වන අතර ව්‍යාපාරික කටයුතු සදහා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ .
මොහු අද (05) අලුයම 02.30 ට ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්ව යන ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 ඊ 1208 දරණ ගුවන් යානයට පිවිසීම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
ඔහු කටුනායක ගුවන් තොටුපළ සංක්‍රමණික ගුවන් මගී පර්යන්තයේ වූ වැසිකිළියක් තුළට , කෙටි කාළසීමාවක් තුළ කීප වාරයක් ම ගොස් පැමිණීම නිසා මෙම ගුවන් මගියා සහ ඔහු රැගෙන පැමිණි ගමන් බෑගය ද සමග ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරී බාරයට ගෙන ඇත.
එහිදී ඔහු රැගෙන විත් තිබූ ගමන් බෑගය පරීක්ෂා කිරීමේදී , ඒ තුළ සගවා ගෙන තිබූ කැනේඩියානු ඩොලර් 117,000 ක් සහ යූරෝ 19,000 ක් සොයා ගැනීමට සමත් වී තිබුණි .
පසුව මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපළ රේගු නිලධාරීන් වෙත මෙම ගුවන් මගියා සහ ඔහු විසින් රැගෙන විත් තිබූ විදේශ මුදල් තොගය භාර දී තිබේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩු ගේනවා... බඩු ගෙනියනවා.... අල්ලනවා .... බාර දෙනවා..! ඉන්දියානුවෝ රටට ඇතුල් වෙන්නෙත් ඔතැනින්ම නේද?
නාගානන්ද මහත්තයා මේ ගැන මේ ලඟදි කිව්වා ලංකාවේ විදේශ මුදල් නැති වෙන්නේ ඒවා බෑග් වලින් ගුවන් තොටුපොළ හරහා ගෙනියනවා කියලා.
කස්ටම් නිලධාරීන් ට වටිනාකමෙන් 1/3 ක් ලැබෙනවා. ආරක්ෂක නිලධාරීන් ට හුලං.
මම මෙම ගුවන්මගියා ගැන අතිශයින්ම කණගාටුවෙමි. කාරණය මේ තාක්කඩි හොර සුරුට්ටු සිංහලයන්ට මේ තරම් විශාල තොගයක් දුන්න නිසා.