(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඉන්දියාවේ සිට නීතිවිරෝධී ලෙස ලංකාවට එවා තිබූ රුපියල් කෝටි 4ක් පමණ වටිනා බීඩිකොළ තොගයක් අඩංගු බහාලුම් කන්ටේනර් දෙකක් තොටළඟ ඉඟුරු කඩේ හන්දිය බහාලුම් අංගනයේ තිබී අද(27) සොයාගත් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය පවසයි.
රසායනික ද්‍රව්‍ය මෙරටට ගෙන්වන සමාගමක නම රහසේ යොදා ගනිමින් රසායනික ද්‍රව්‍ය බවට හඳුන්වාදෙමින් මීට මාසයකට පමණ ඉහතදී මෙම බීඩිකොළ තොගය ගෙනැවිත් තිබූ බව පොලිසිය කියයි.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය ලද තොරතුරක් මත රේගු නිලධාරීන්ට ඒ බව දන්වා එම බහාලුම් නිදහස් කිරීම නැවැත්වීමට පියවර ගත් බව පොලිසිය කියයි.
එම බහාලුම්වල කිලෝ 83 බැගින් වූ බීඩිකොළ තිබූ බවද පොලිසිය පවසයි.
මෙම බීඩිකොළ ආනයනය කළ පුද්ගලයින් සොයා පරීක්ෂණ පවත්වන බව පොලිසිය කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙරට තුලට ගෙනෙන සියලුම බහාලුම් හා පිටරට යන සියලුම බහාලුම් මිට වඩා පරික්ෂාවට ලක් කල යුතුය. මුදලට යටවී තව කොපමණ දේ මෙරටට හා පිටරට යනවා ඇද්ද? උදාහණයක් ලෙස පහුගිය කාලේ සොයාගත් කොකේන් ප්‍රමාණය ලංකාව තුල භාවිතා නොවන ප්‍රමාණයන් බව පුවත් දැක්කා.