IMG-LOGO

කෝටි 4 ක කේරල ගංජා යාපනෙන් අල්ලයි

(යොහාන් භාසුර)

රුපියල් කෝටි 4 කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝග්‍රෑම් 130 කට අධික තොගයක් සමඟ සැකකරුවෙක් උතුරු මුහුදේදී භාරයට ගත් බව නාවික හමුදාව පැවසීය.

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය උඩුත්තුරෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, මෙම කේරළ ගංජා තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් සමඟ සැකකරු භාරයට ගත් බවත් උතුරු නාවික විධානයට අයත් නාවික ස්ථානගතකිරීම් වෙත්තලකේනි ආයතනය රාත්‍රී කාලයේ දියත් කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම ගංජා තොගය සොයා ගත් බවත් නාවික හමුදාව කීය.

එම මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කිරීමේදී, එම ඩිංගි යාත්‍රාවේ තිබී උර තුනක පාර්සල් 61 ක අසුරන ලද, කේරළ ගංජා කිලෝ 130 ග්‍රෑම් 600 ක් පමණ තොගයක් සමඟ සැකකරුවෙකු මෙලෙස භාරයට ගත් බව කී නාවික හමුදාව පැවසුවේ භාරයට ගත් වයස අවුරුදු 44 ක් වන සැකකරු යාපනය උඩුත්තුරෙයි ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට හඳුනාගත් බවත්ය.

එම සැකකරු, කේරළ  ගංජා තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා මරදන්කේනි පොලිසියට භාර දුන් බව ද නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (1)

කෝටි 4 ක කේරල ගංජා යාපනෙන් අල්ලයි

පැරකුම් Sunday, 20 August 2023 02:45 PM

දහතුනෙන් බලතල ලැබුණාට පස්සේ ඔය ජාවාරම ජයටම කරගෙන යන්න පුළුවනි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 178 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 327 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 670 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site