IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කෝටි 3ක රන් කටුනායකින් අල්ලයි

(ටී.කේ.ජී.කපිල)

රුපියල් තුන් කෝටි හැත්තෑ දෙලක්ෂ හැත්තෑ පන් දහස් නවසිය අසූ පහක් වටිනා ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ කාන්තාවන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී අද (15) දින පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

මෙසේ අත් අඩංගුවට පත් පළමු කාන්තාව 26 හැවිරිදි ඉන්දීය ජාතික ව්‍යාපාරික කටයුතු වල නිරතව සිටින්නියකි.

ඇය ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දින ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත ඊයේ (14) උදෑසන 08.45 ට පැමිණ තිබුණි .

ඇය විසින් රැගෙන විත් තිබූ විශාල රෙදිපිළි තොගයක් අඩංගු ගමන් මලු කීපයක් අතර පාර්සල් 08 ක් ලෙස සකස් කර තිබූ රුපියල් දෙකෝටි හැත්තෑ දෙලක්ෂ හැත්තෑ පන් දහස් නවසිය අසූ පහක් වටිනා කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 748 ක් බරැති ස්වර්ණාභරණ තොගය සගවා ගෙන තිබුණි .

අනෙක් කාන්තාව 34 හැවිරිදි කොළඹ , ජම්පටා වීදියේ පදිංචි , ව්‍යාපාරික කටයුතු වල නිරත ශ්‍රී ලාංකිකයෙකි .

ඇය ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 273 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (15) අලුයම 05.50 ට පැමිණ තිබුණි .

ඇය විසින් රුපියල් කෝටියක් පමණ වටිනා  ග්‍රෑම් 516 යි මිලි ග්‍රෑම් 907 ක් බරැති ස්වර්ණාභරණ තොගය ඇයගේ පපු ප්‍රදේශයේ සගවා ගෙන පැමිණ තිබුණි .

මෙම කාන්තාවන් දෙදෙනාම කටුනායක ගුවන් තොටුපොළ රේගු කටයුතු ඇතුළු සියලු පරීක්ෂණ නිමවා ගුවන් තොටුපොළෙන් පිටතට යමින් සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබීම විශේෂත්වයකි .

මේ වනවිට මෙම කාන්තාවන් දෙදෙනා සහ ඔවුන් විසින් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ ස්වර්ණාභරණ තොගය වැඩිදුර විමර්ශන කටයුතු සදහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාර දී තිබේ .



අදහස් (1)

කෝටි 3ක රන් කටුනායකින් අල්ලයි

Indika Friday, 15 September 2023 02:48 PM

මේ තක්කඩින්ගේ වැඩවලින් අහිංසක මිනිස්සුන්ට තමයි ඉස්සරහට හිරිහැර...

:       1       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site