
(සිතුම් චතුරංග)
ඉන්දියාවේ සිට ධීවර බෝට්ටු මාර්ගයෙන් මෙරටට ගෙනවිත් සඟවා තිබූ රුපියල් කෝටි තිහකට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 896 යි ග්‍රෑම් 596ක් මන්නාරම නරිවිලකුලම් හිදී සොයාගත් බව මුරුණ්කන් පොලිසිය කියයි.
මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් මන්නාරම වංකාලෙයි නාවික හමුදාවට ලැබුණ තොරතුරක් මත මුරුණ්කන් පොලිසිය හා නාවික හමුදාව එක්ව සිදුකළ ඒකාබද්ද මෙහෙයුමකදී කේරළ ගංජා තොගය සොයාගත් බව පොලිසිය සඳහන් කළේය.
කිසියම් ප්‍රදේශයකට ප්‍රවාහනය කිරීම සඳහා සූදානමින් මෙම කේරළ ගංජා තොගය සූදානම් කොට තිබී ඇති බවත් එහි විශාල ප්‍රමාණයේ උර 25ක් තුල කේරළ ගංජා අසුරා තිබූ ඇති බවත් පොලිසිය පැවසීය.
වැටලීම සිදුකරන අවස්ථාවේ එම ස්ථානයේ සිට ජාවාරම්කරුවන් සිව්දෙනකු පමණ පලාගොස් ඇති අතර ඔවුන් භාවිත කළ බවට සැකකෙරෙන සිම්පත් දෙකක්ද සොයාගත් බවත් පොලිසිය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd