
(ගයාන් සූරියආරච්චි)
පාවෙන රත්‍රං නමින් හැදින්වෙන කෝටි 3 ක් පමණ වටිනා තල්මස් ඇම්බර් (තල්මස් වමනය) කිලෝ ග්‍රෑම් 4 යි ග්‍රෑම් 500ක් නීති විරෝධි අයුරින් අලෙවි කිරීමට සුදානම්ව සිටි සැකකරුවෝ තිදෙනෙක් දෙවිනුවර සහ නාකුළුගමුව ප්‍රදේශයේදී මිරිස්ස අපරාධ කොට්ඨාසයේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
යුද්ධ හමුදා බුද්ධි අංශය විසින් ලබාදුන් තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබේ.
සැකකරුවන් ගමන්ගත් ජීප් රථයක් ද අත්අඩංගුවට ගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු හරි මාළු අල්ලන කොට මුහුදෙන් ඇම්බර් (තල්මස් වමනය) හොයාගත්තොත්, ඇයි රජය ඒක ඔහුට විකුණන්න අවස්ථාවක් දෙන්නේ නැත්තේ...?
මේ ඇම්බර් මුහුදේ පාවෙමින් පවතින විට ධීවරයන් ඒවා එකතු කර ගන්නවා කියලා මං අසා තිබෙනවා. මේ දේවල් මෙසේ නීති විරෝධී දේ ලෙස සලකා මෙසේ අත්අඩංගුවට ගන්නේ ඇයිද කියා හිතෙනවා. සතෙකු ඉවත දැමූ වමනය විකුණාගෙන මිනිසුන් සැපවත් වෙනවා බලන්න බැරි හදවත් තිබෙන මිනිසුන් නේද අද ඉන්නේ....? රටේ තියෙන දැවෙන ප්‍රශ්න හමුවේ ජීවත්වෙන්න වෙර දරන මිනිසුන්ට නීතිය රකිනා අය මීට වඩා කාරුණික විය යුතුයි නේද කියලා හිතෙනවා. දැන් මේ ඇල්ලූ ඇම්බර් වලට මොකද වෙන්නේ...?
මේවා තල්මසාට අරක්කු දීලා වමනය කරවපුවා නෙවෙයිනේ. ඒ මිනිස්සු දිවිපරදුවට තියලා මුහුදේ මාලු අල්ලනකොට හම්බවුණු දේවල්. එකී එකට මොකටද නීතිවිරොධී කියන්නේ.. මොවුන්ට පිස්සු.. හෙන ගහන්න ඕනෑ...
කිසිම කතාවක් නැතිව මේවා විකුණන්න දුන්නොත්... මෝරු ටික ඉතුරු කරන්නේ නෑ අපේ කට්ටිය.... ඒකයි තත්වය.
මුහුදේ මාලු අල්ලන ගමන් මේවා ඉඳහිට හම්බ වෙනවා. ඒවා නීති විරෝධියි කියන්නේ අපේ රටේ විතරයි... අර කුඩු අල්ලලා සොච්චමක් උසාවි දානවා වගේ මේවා විකුණාගන්නේ අලලන අය. හරි කැත වැඩ..!
මුහුදු සතුන් මැරීම සහ විකිණීම නීත්‍යානුකූල නම් සහ රජය සහාය දෙන්නේ නම්, ඔවුන්ගේ වමනය එකතු කිරීම නීත්‍යානුකූල නොවන්නේ මන්ද? අපි ඒ වමනය මුහුදේ තියලා ගියොත් පිටරට යාත්‍රාවක් ඔවුන්ව අහුලා ගනීවි. ඒක නීත්‍යානුකූලයි. මොකක්ද මේ නීතිය?
මේක පුදුම වැඩක්නේ. මිනිස්සු මේ ඇම්බර් කාගෙන්වත් හොරකම් කරපුවා නෙමෙය්නේ. මුහුදේ මාළු අල්ලන්න පුළුවන් නම් මේ තල්මසුන්ගේ වමනය අහුල ගත්තම මොකෝ. ඕවා මුහුදේ තිබිල විනාශ වෙලා යයි. නැත්නම් වෙන කව්රු හරි ගනීවි. අනික මේ තල්මසුන් කව්රුවත් කෑම දීලා ඇතිකරන උන් නෙමෙයි නේ. එහෙම නම් හොරකම් කෙරුවා කියලා කියන්න පුළුවන්. මාලදිවයින වගේ රටවල්වල මේවා ප්‍රසිධියේ විකුනනවා. ඒවගේ විස්තර ප්‍රවුර්ති වලටත් කියනවා. කිසිම තහනමක් නෑ. අපේ රටේ ඇයි දන්නේ නෑ. තල්මස් වමනය සංරක්ෂිත දෙයක්ද.
මේක නං පුදුම රටක්. පොලිසිය හමුදා බුද්ධි අංශය තමන් කරන්නේ මොනවද කියලවත් දන්නේ නෑ. රටේ නීතියක් නෑ. උන්ට හිතුනොත් මොනවා හරි අල්ලන්න ඕන කියලා නීති විරෝධී කියල අල්ලලා මිනිස්සුන්ට වද දෙනවා. මේකට ප්‍රධාන හේතුව මිනිස්සුන්ගේ මෝඩකම. තල්මසුන්ගේ ඇම්බර් තබා ගැනීම හෝ මුහුදෙන් අසුලාගෙන විකිණීම තහනම් කියලා තියෙන නීතිය මොකක්ද? එහෙම නීතියක් දැනට තියෙනවද? මිනිස්සු අල්ලලා නඩු දාලා කූඩුවට දැම්මට පස්සේ එහෙම නීතියක් නැත්නම්, නැවත වරක් ආපස්සට අදාළ පොලිස් නිලධාරීන්ට හෝ හමුදා බුද්ධි අංශයට විරුද්ධව ෙන්න නීතිමය පියවර ගැනීමට අපේ මිනිසුන් මැළි වන්නේ ඇයි. ලංකාවේ මිනිස්සු හරිම නෝන්ජල් ජාතියක්. මම සිටින කැනඩාවේ ඇම්බර් සොයා ගත්තහම අදාළ මිනිස්සුන්ට වෙනමම තෑගි බෝග ලබා දෙනවා. ඔවුන් උනන්දු කරනවා එවැනි සම්පත් නෙළාගන්න. මිනිස්සුන්ට සල්ලි හම්බ වුනා කියන්නේ රටට ආදායමක් ලැබුණා කියන එක. මේ රට කිසිම දවසක දියුණු කරන්න පුළුවන් රටක් නෙවෙයි. නීතිය අතට ගත්තු අමනයෝ රැලක් ඉන්න රටක්. මට හරිම කණගාටුයි. මේ තත්ත්වය ගැන