(යොහාන් භාසුර)
දුම්රිය ස්ථානාධිපතිවරු පත්කිරීම සඳහා රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් වැය කර 2019 වසරේ පැවැත්වූ තරග විභාගයේ ප්‍රතිඵල මත දුම්රිය ස්ථානාධිපතිවරු 29 ක් පමණක් බඳවාගෙන ඇති බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පවසයි.
දුම්රිය ස්ථානාධිපති පුරප්පාඩු පිරවීම සඳහා 2019 වසරේ ගැසට් කර 2021 වර්ෂයේ අදාල විභාගය අයදුම්කරුවන් 29,399 කගේ සහභාගිත්වයෙන් දීපව්‍යාප්තව පවත්වා ප්‍රතිඵල නිකුත් කර ඇති බවත් කළමණාකාර සේවා දෙපාර්තමේන්තුව රජ්‍ය ප්‍රතිපත්ති සමඟ නව බඳවාගැනීම් කිරීමට අනුමැතිය නොදීම මත විශාල මුදලක් වියදම් කර පැවත්වූ විභාගය පදනම් කර ගනිමින් මේ වන විට දුම්රිය ස්ථානාධිපති තනතුර සඳහා බඳවාගැනීමට හැකියාව ලැබී ඇත්තේ අයඳුම්කරුවන් 29 ක් පමණක් බවත් චාමර මහතා සඳහන් කළේය.
මෙම ගැටලු සම්බන්ධයෙන් පාලනාධිකාරිය දැනුවත් කළ ද ප්‍රගතියක් නොමැති බව කී කසුන් චාමර මහතා සඳහන් කළේ පවතින පුරප්පාඩු සඳහා මෙම විභාගයට පෙනී සිටි සුදුසුකම් සපුරා ඇති අයඳුම්කරුවන් බඳවාගැනීමට අවශ්‍ය කටයුතු කරන ලෙස ප්‍රවාහන අමාත්‍යවරයාගේ අවධානය යොමු කරන බවත්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නෙලුම් පොකුණට, මත්තලට, වියදම් කරපුවගේ හැටියට ඕක මොකක්ද? අනික එහෙම තරග විභාගයක් නොතිබ්බා නම් ඔය වියදම් ගැන කියන කට්ටියම අනිත් පැත්තට බඳවා ගැනීම දූෂිතයි කියනවා. රජයේ නිලධාරිනුත් ගැලවෙන්න ඕනෑනේ. මේ කෝටි 02 අර මත්තල, නෙළුම් පොකුණ වගේ ගසාකන්න වියදම් පෙන්නපුවා නෙවෙයිනේ...!
සල්ලි ගිලින මේක දැන්වත් විකුණලා දාන්න. වෙබ් එකේ දුම්රිය කාල සටහන් වත් මාස ගාණක් ගිහිල්ලත් තවම යාවත්කාලීන කරලා නෑ. ඒත් ඒ අංශය අය බර ගාණක් නිකම් පඩි ගන්නවා.