
(ගයාන් සූරියආරච්චි)
මහා පරිමාණ කසිප්පු ජාවාරම්කරුවකු වන ඔතේ කැලේ මානා නොහොත් සමන් කුමාර නැමැත්තාගේ කසිප්පු නිෂ්පාදනාගාරයක් වටලා කෝටි විසිතුනහමාරක කසිප්පු තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
එහිදී ගෝඩා බැරල් 130 ක් පොලිසිය විසින් සොයාගත් අතර ඔතේ කැලේ ඇළ ඉවුරේ ජයටම කසිප්පු නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගොස් තිබූ බව පොලිසිය පවසයි.
වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකය මගින් සිදුකරනු ලබන වැටලීම් හේතුවෙන් මහා පරිමාණ කසිප්පු ජාවාරම්කරු වන මානා නැමැත්තා පොලිස් නිලධාරීන් අමතා වැටලීම් සිදුනොකරන ලෙසට දුරකතනය කතා කරමින් හඩා වැළපෙන බව ද පොලිසිය කියයි.
මීට සතියකට පමණ පෙර ඔතේ කැලේ ප්‍ර දේශයෙන් ගෝඩා බැරල් 80 ක් වලාන මධ්‍යම දූෂණ මර්දන බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ලංකාවේ මිනිස්සු 50% පමණ බොන්නේ විෂ මත්පැන්. මේකට ප්‍රධාන හේතුව අරක්කු වලට ගහන විශාල බද්ද ? මේ බද්දත් හොර ස්ටිකර් ගහල ස්කාගාර මාෆියාව , සුරාබදු මාෆියාව සමග බෙදා ගන්නවා , මේකට වගකියන්න ඕනේ සුරාබදු නොසැහෙන ලෙස වැඩිකළ දේශපාලන මාෆියාව , මේ මාෆියා 3 ම එකට එකතුවෙලා අපිව විනාශ කරනවා
මේක බැරල් සුනිල්ගෙ වැඩක් වෙන්න බැරිද? මේ ජාවාරමට මඩොල් දූවේ සුනිමල් හා පිච්චිෙවත්තෙ ගොඩා රජාත් සම්බන්දයි කියල තමා ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.