(බිමල් ශ්‍යාමන් ජයසිංහ,ඩී.ජී.සුගතපාල)

ජාත්‍යන්තර මුහුදේදී නෞකාවකින් ලබා දුන් රුපියල් කෝටි 200කට අධික විශ මත්ද්‍රව්‍ය තොගයක් ගොඩබිමට රැගෙන එමින් සිටි ධීවරයන් හය දෙනකු නාවික හමුදාව සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස්මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ බුද්ධි අංශ නිලධාරීන් ලබාදුන් තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇත.

බහුදුන ධීවර යාත්‍රාවේ බඳ කොටසේ පොහොර උර හතරක බහා මෙම විෂ, මත්ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කර තිබූ බව නාසක කාර්යාංශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

එම පොහොර උරවල බොහෝ දුරට හොරයින් මත්කුඩු කිලෝ සීයකට අධික ප්‍රමාණයක් අඩංගුව ඇති බවට සැක කරන බව උසස් නිලධාරියෙක් පැවසීය.

බහු දින ධීවර යාත්‍රාව මේ වන විට ගාල්ල වරායේ පොලිස් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන්ගේ විශේෂ ආරක්ෂාව යටතේ රඳවා ඇති අතර අද (14) දින විශේෂ පරීක්ෂාවක් සිදු කිරීමට නියමිතය.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ නාවික හමුදාව ඒකාබද්ධව වැටලීම සිදු කර ඇත.