
(ඉන්දිකා රාමනායක)
ශ්‍රි ලංකාවට දකුණ දෙසින් වු මුහුදු සීමාවේ දී රුපියල් කෝටි 200 ට ආසන්න වටිනා හොරොයින් සහ හෂීස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් මෙරට බහුදින ධීවර යාත්‍රාව සහ ධීවරයන් හය හයදෙනා අද (18) පස්වරුවේ කොළඹ වරාය වෙත රැගෙන ආ බව නාවික හමුදාව කියයි.
ශ්‍රි ලංකාවට දකුණ දෙසින් වු කිලෝ මීටර් 760 ක දුරින් වු මුහුදු ප්‍රදේශයේ නාවික හමුදාව, රාජ්‍ය බුද්ධි සේවය හා නාවික හමුදාව එක්ව ඉකුත් 12 දින මෙම මෙහෙයුම සිදුකර සැකකරුවන් හා මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගෙන ඇත.
මෙම මෙහෙයුමේ දී හොරොයින් කිලෝ 99 ක හා හෂිස් මත්ද්‍රව්‍ය කිලෝ 8 ක ප්‍රමාණයක් තිබු බවද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි.
හොරොයින් සමග අත්අඩංගුවට ගත් යාත්‍රාව හලාවත ප්‍රදේශයේ යාත්‍රාවක් බවත්, එහි සිට අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගමුව ප්‍රදේශයේ ධීවරයන් පිරිසක් බව බවද මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි.


2025 දෙසැම්බර් මස 18
521
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
267
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1065
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෝටි 200 කුඩු වරායට ගෙන එයි
පැරකුම් Thursday, 18 May 2023 04:29 PM
කුඩු අල්ලන ප්‍රවෘත්ති නම් ඕන තරම්. දඩුවම් කල බවට කවදාවත් අහල නෑ. ඕව ආපහු කුඩ්ඩන්ටම යනව කිලයි ආරංචි.
Moon light Thursday, 18 May 2023 04:40 PM
කලුකෝට් සුදු තොප්පි ,නී පති මාෆියව තමා කුඩු මුදලාලිල බේරන්නෙ නේවි අල්ලනව ,සුදු තොප්පි ගෙදර යවනව
Aruna Ramanayake Thursday, 18 May 2023 04:42 PM
කුඩු අල්ලනවානම් අහලා දැකලා තියනවා .නමුත් ඒවාට උනේ මොකද කරන්නේ මොකද කියලා දැකලා නැහැ .අපිට තියන ප්‍රශ්නේ මොකද්ද ඒවාට වෙන්නේ කියන එකයි
විපරමා Thursday, 18 May 2023 04:44 PM
කුඩු කියන්නේ සල්ලී ? අල්ලන ඒවා බහිරවයා ගිලිනව ඇති .චන්දෙ කාලෙට දූෂිත දේසපාලුවන්ට කුඩු මුදලාලිලා අතපය දිග හැරලා වියදම් කෙරුවා .දේසපාලුවන්ගේ සහ පොලිස් ලොක්කන්ගේ සහයත් ජාවාරම් කාරයන්ට ලැබෙනවා ?
රංජිත් Thursday, 18 May 2023 08:06 PM
දීර්ඝ නඩු විභාගයකින් පසු නිදොස් කොට නිදහස් කරන ලදි
wathsala Friday, 19 May 2023 09:08 AM
කුඩු අල්ලුවතරමට නිසි දඩුවම් දුන්නා නමි මේ වන විට ලංකාවේ කුඩු බිස්නස් නැත්තටම නැති වෙන්න ඔිනි. නිකන් පුවත් දාල ජනතාව ගොනාට අන්දන්න එපා.
සුපුන් Friday, 19 May 2023 09:24 AM
අපරාදෙ නේවි එකේ මහන්සිය