(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සිංගප්පූරුවේ සමාගමකට ආයෝජනය කර ලාභාංශ ලබා දෙන බව පවසා රුපියල් කෝටි 20 කට අධික මුදලක් හා රන් පවුම් 150 ක් වංචා කළ අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කරයි.
වසර විස්සකට අධික කාලයක් විදේශගතව සිට මෙරට ව්‍යාපාරයේ යෙදෙන මීගමුව ප්‍රදේශයේ පුද්ගලයකු කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ ඒකකය වෙත සිදු කළ පැමිණිල්ලක් අනුව මූලික විමර්ශන සිදු කළ බව පොලිසිය සඳහන් කරයි.
මිගමුව හලාවත පාරේ කුරණ ප්‍රදේශයේ සැකකාර අඹුසැමි යුවළ ආර් ඇන්ඩ් ආර් සමූහ ව්‍යාපාර නමින් පවත්වාගෙන යන ආයතනයකට වසර දෙකකට ඉහතදී රුපියල් ලක්ෂ 1600 ක මුදලක් මෙන්ම රන් පවුම් 150 ක් ආයෝජනය කළ ද ගිවිසුම් ගත වූ පරිදි ලාභාංශ මෙතෙක් ලබා නොදුන් බවත් එම මුදල් සිංගප්පූරුවේ ඔවුන් විසින් පවත්වාගෙන ආර් ඇන්ඩ් ආර් කාර් කෙයාර් ප්‍රොඩෙක්ස් සමාගමට ආයෝජනය කරන බවත් පැවසූ බව පැමිණිල්ලේ සඳහන්ය.
ලාභාංශ පිළිබඳ විමසීමේදී දිනෙන් දින විවිධ දෑ පවසමින් මග හරින බවත් ඔහු කළ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන්ය
ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමේදී එම ආයතනයට විරුද්ධව රුපියල් ලක්ෂ 400 ක මුදල් වංචා කිරීම් සම්බන්ධයෙන් තවත් පැමිණිලි පහක් ලැබුණ බව පොලීසිය සඳහන් කරයි
2025 දෙසැම්බර් මස 18
364
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෝටි 20 ක් වංචා කළ යුවළ දැලේ
නිමල් Monday, 21 August 2023 06:28 AM
අපේ අයට කවදා නුවණ පහළ වේ ද?