(යොහාන් භාසුර)
කටුනායක ගුවන් බඩු පර්යන්තයේ පිහිටි කුරියර් භාණ්ඩ නිෂ්කාශන ආයතනයක් වෙත ලැබී තිබූ පාර්සලයක තිබී රුපියල් කෝටි 19 ක් පමණ වටිනා කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2.5 ක තොගයක් සොයා ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්‍යක්ෂ සීවලී අරුග්ගොඩ මහතා පැවසීය.
රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් කළ ආවේක්ෂනයක ප්‍රතිඵලයක් ලෙස බ්‍රසීලයේ සිට එවන ලද මෙම පාර්සලය පරික්ෂා කිරීම සඳහා නවතාගෙන පාර්සලය පිළිබඳව අයිතිකරු දැනුවත් කිරීමෙන් පසුව ඔහු ඉදිරියේදී පරික්ෂා කළ බවත් වොලිබෝල් දැලක දෙකෙළවර වාටිය තුළ තිබූ බටයක් තුළ ඉතා සූක්ෂම ලෙස කොකේන් සඟවා තිබූ බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක වරයා කීය.
එම බටයේ සම්පූර්ණ දිග අඩි 67ක් පමණ වූ අතර කොළඹ ප්‍රදේශයේ පුද්ගලයකුට ලැබී තිබූ පාර්සලය ඔහු විසිනි බලයලත් පුද්ගලයෙකු නිෂ්කාශනය කිරීම සඳහා ඒවා තිබූ බව කී රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සැකකරුවන් හා අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍යය වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා ශ්‍රී ලංකා පොලිසියේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත ලබා දීමට නියමිත බවද වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලීසියට කල්ල මරේ…! සිද්ධිය ඔතැනින් ඉවරයි. කුඩු තොගය ආපසු වෙළඳපලට…!
ඔය කොච්චරවත් අල්ලන්නෙ . ඕව ඉතිං පාන්පිටි වෙනවලුනෙ.