(ටී.කේ.ජී.කපිල )
නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රුපියල් පහළොස් කෝටි විසි පන් ලක්ෂයක් වටිනා කිලෝග්රෑම් 07 ක් බරැති රත්තරන් තොගයක් රැගෙන ආ ගුවන් මගියෙකු රේගු පරිශ්‍රය පසු කර කටුනායක ගුවන් තොටුපළෙන් පිටතට යමින් සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොහු කොළඹ මරදාන ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි , නිතර ගුවන් ගමන් වල නිරත වන ව්‍යාපාරිකයෙකි .
මොහු ඊයේ (07 ) උදෑසන 09.20 ට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 547 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
ඔහු ගුවන් තොටුපළ තුළ සිදු කෙරෙන සියලු පරීක්ෂණ නිමවා , රේගු පරිශ්‍රයෙන් ද පිටතට පැමිණ , ගුවන් තොටුපළෙන් පිටතට යමින් සිටියදී මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබුණි .
මෙම ගුවන් මගියා තම ඉන ප්‍රදේශයේ පාර්සල් 08 ක් ලෙස සකස් කර සගවා ගෙන තිබූ මෙම රත්තරන් තොගය , කිලෝ 04 යි ග්රැම් 400 ක් බර රන් බිස්කට් 42 ක් සහ භාගයක රන් බිස්කට්ටුවකින් ද , කිලෝ ග්රැම් 02 යි ග්රැම් 600 ක් බර ස්වර්ණාභරණ තොගයකින් ද සමන්විතව තිබූ බව සදහන් වේ .
මේ වනවිට මෙම රත්තරන් තොගය සහ මේවා නීතිවිරෝධී ලෙස රැගෙන ආ ගුවන් මගියා ද , මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සදහා ගුවන් තොටුපළ රේගු නිලධාරීන් වෙත භාර දී තිබේ .
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කෝටි 15 කට අධික රන් රේගුවේ හිරවෙයි