(යොහාන් භාසුර සහ ටී. ෙක්.ජී. කපිල)

රුපියල් කෝටි 13 ක් පමණ වටිනා කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ දෙකයි ග්‍රෑම් 553 ක් සමඟ 26 හැවිරිදි සුරිනාම් ජාතික කාන්තාවක් කටුනායක ගුවන්තොටුපලේදී ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් අද (18) අත්අඩංගුවට ගත් බව රේගු දෙපාර්තමේන්තුව පවසයි.

බ්‍රසීලයේ සිට කටාර් රාජ්‍යයේ ඩෝහා නගරය හරහා මෙරටට පැමිණි තරුණියකගේ සැකකටයුතු හැසිරීම හේතුවෙන් ඇය විශේෂ පරික්ෂා කළ බවත් ඇයගේ ගමන් මල්ල තුළ අසුරා තිබු ආහාර වශයෙන් සඳහන් කළ ටින් පහක් තුළ ඉතා සූක්ෂම ලෙස අසුරා තිබු කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගත් බවත් රේගුව පවසයි.  

එම මත්ද්‍රව්‍ය පිළිබඳ මුලික විමර්ශන කටයුතුවලින් අනතුරුව ඉදිරි විමර්ශන කටයුතු සඳහා නඩු භාණ්ඩ හා සැකකාරිය ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් ශ්‍රී ලංකා පොලිසියේ මත්ද්‍රව්‍ය කාර්යංශයට භාරදුන් බවත් රේගුව සඳහන් කළේය.