(යොහාන් භාසුර සහ ටී. ෙක්.ජී. කපිල)
රුපියල් කෝටි 13 ක් පමණ වටිනා කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ දෙකයි ග්‍රෑම් 553 ක් සමඟ 26 හැවිරිදි සුරිනාම් ජාතික කාන්තාවක් කටුනායක ගුවන්තොටුපලේදී ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් අද (18) අත්අඩංගුවට ගත් බව රේගු දෙපාර්තමේන්තුව පවසයි.
බ්‍රසීලයේ සිට කටාර් රාජ්‍යයේ ඩෝහා නගරය හරහා මෙරටට පැමිණි තරුණියකගේ සැකකටයුතු හැසිරීම හේතුවෙන් ඇය විශේෂ පරික්ෂා කළ බවත් ඇයගේ ගමන් මල්ල තුළ අසුරා තිබු ආහාර වශයෙන් සඳහන් කළ ටින් පහක් තුළ ඉතා සූක්ෂම ලෙස අසුරා තිබු කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගත් බවත් රේගුව පවසයි.
එම මත්ද්‍රව්‍ය පිළිබඳ මුලික විමර්ශන කටයුතුවලින් අනතුරුව ඉදිරි විමර්ශන කටයුතු සඳහා නඩු භාණ්ඩ හා සැකකාරිය ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් ශ්‍රී ලංකා පොලිසියේ මත්ද්‍රව්‍ය කාර්යංශයට භාරදුන් බවත් රේගුව සඳහන් කළේය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
කෝටි 13 ක කොකේන් රේගුවේදී මාට්ටු
"මත්තදීප-ලංකදීප" Tuesday, 18 October 2022 06:26 PM
ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් හා ශ්‍රී ලංකා පොලිසියේ මත්ද්‍රව්‍ය කාර්‍යංශය නිලධාරීන් මත්ද්‍රවය කිලෝ ගණන් අල්ලපුවා දැකලාම දැකපු දෑස් මත් වෙලා ඉන්නේ..! ඉතින් මත හිඳෙනකොට නාකොටි සම්පත් වෙනවා..! ඇල්ලුවා..! ඇල්ලුවා..!! පෙන්නුවා.! පෙන්නුවා..!! මත් ද්වීපයට බය නැතුවම ඒවා ඒනිසා ආයිත් එනවා.. එවනවා..!
don Tuesday, 18 October 2022 06:31 PM
ඉස්සර කොකේන් කිලෝ 2ක් කෝටි 4 යි ..දැන් උද්ධමනය එක්ක ඒකත් කෝටි 13 ක් වෙලා