
(ටී.කේ.ජී.කපිල )
ස්වර්ණාභරණ සහ රන් බිස්කට් තොගයක් ඩුබායි සිට නීතිවිරෝධී ලෙස රැගෙන ආ කාන්තාවන් සිව් දෙනෙකු සහ එක් පිරිමි පුද්ගලයෙකු අද(27) අලුයම කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොවුන් ඩුබායි සිට ගුවන් යානා දෙකකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .මේවායේ වටිනාකම රුපියල් දොලොස් කෝටි තිස් ලක්ෂයක් පමණ වන ේගු නිලධාරීහු කීහ.
මොවුන් සියලු දෙනාම කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් නිතර නිතර ගුවන් ගමන් වල යෙදෙමින් ව්‍යාපාර කටයුතු වල නිරත වන්නන් පිරිසකි.
ඔවුන් සිය සිරුරු වල සහ ඔවුන් රැගෙන ආ අත් බෑගයන් තුළ මෙම කිලෝ ග්‍රෑම් 06 ක් ති ස්වර්ණාභරණ සහ රන් බිස්කට් තොගය සගවා ගෙන තිබියදී රේගු නිලධාරීන් විසින් සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබුණි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රන් නම් පැන්නුවත් ලොකු අවුලක් නෑ.ඔය කපොල්ලේ හිල් තෝරූ,මෝරු මත්ද්‍රව්‍ය ,ගේන කොට...
අලි සබ්රිට වගේ ලිහිල් දඩයක් ගහනවාද?