(රංජන් කස්තුරි)
රුපියල් කෝටි 114 ක වියදමකින් නව ත්‍රෛභාෂා පාසලක් ඉදිකිරීම සඳහා අනිද්දා (20) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මීරිගම දී මුල්ගල් තැබීමේ උත්සවයක් පැවැත්වේ.
කතානායක කරු ජයසූරිය මහතාගේ ඉල්ලීම මත අක්කර 12 ක භූමිභාගයක එම ත්‍රෛභාෂා පාසල ඉදිකිරීමට සැලසුම්කර තිබේ.
නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මහතාට ගෞරවයක් ලෙස ඒ මහතාගේ නමින් එනම් ‘‘දොන් ස්ටීවන් විද්‍යාලය‘‘ නමින් එම විද්‍යාලය නම් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම පාසැල ඉදිකිරීම ඉතාම වටිනා ක්‍රියාවක්. මෙරට දුවා, දරුවන්ට කුඩාකාලයේ සිටම ත්රෛභාෂාවන් ඉගැන්වූවොත් පවතින බොහෝ ප්‍රශ්න විසඳිය හැකි වේවි..!!!
මේ මිනිස්සුන්ගේ ඔලුවලට මොනවා හරි වෙලා කියලා හිතෙන්නේ මට විතරද? ඇයි දෙයියනේ මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මහතාට ගෞරවයක් ලෙස ඒ මහතාගේ භාවිතා නම වන "ඩ්.එස්. සේනානායක" නමින් ඉස්කෝලේ නම් කරා නම් ඉවරනේ. එහෙම නොකර මේ මොකක්ද‘ දොන් ස්ටීවන් විද්‍යාලය‘?
පක්ෂේ කෙරුම්කාරයන් ඉන්න පළාත්වල හෝ ගාලා අරවා මෙව්වා විවෘත කරගෙන, මුල්ගල් තියාගෙන දඟලන්නේ.., මේ පාර ඡන්දෙන් ඒ ලොක්කෝ සේරමත් අතුගෑවෙන ගතියක්ද තියෙන්නේ..?
"ඩ්.එස්. සේනානායක" නමින් ඉස්කෝලයක් මීරිගම තියනවා. එ්කයි. මේ දොන් ස්ටීවන් විද්‍යාලය‘ කියල නම් කරලා තියෙන්නේ.
දැන් අපිට තියෙන දැවෙන ප්‍රශ්නේ භාෂා තුනෙන්ම උගන්වන ඉස්කෝලයක්ද? තියෙන ඉස්කෝලවල අඩුපාඩු අහස උසට, අධ්‍යාපන ඇමතියාට ඒවා බලන්න වෙලාවක් නැහැ එයාට වෙන වැඩ.. කාවද මේ රවටන්නේ? තවත් වොක්ස්වැගන් ව්‍යාපෘතියක්ද? තියෙන රජයේ පාසල්වල ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්වන්න ගුරුවරු නැහැ. ලංකාවේම ඉන්න ළමයින්ට මීරිගමට එන්නද කියන්නේ? තව කොච්චර කල් මේ බොරුව ගෙනියන්නද හදන්නේ? අපිත් තව කොච්චර කල් මේ හොර මගඩි බලා ඉන්නද කියන්නේ?
මගේ නමෙත් කෑල්ලක් ඉස්කෝලෙට තියෙනවා දැක්කහම පෘතුගීසි කාරයින්ට රට ලියලා දුන්නා කුමාරයෙක් හැටියට පුදුම සතුටක් දැනෙනවා.
වොක්ස්වැගන් වාහන නිෂ්පාදනාගාරය වගේ වෙයිද දන්නේ නැහැ. හැදෙනකම් සත 5කට විශ්වාස කරන්න බැහැ. එක්සත් ජාතික පක්ෂයේ හැමදේම මුල් ගලකට පමණක් සිමා වෙනවනේ. වගකීමෙන් කියන්නේ.
හංසයා දියෙන් කිරි වෙන් කරගෙන බොන්න දක්ෂයිලු. ඒ වගේ බොරුවෙන් ඇත්ත වෙන්කරගන්නේ කොහොමද කියලා උගන්වන විෂයකුත් මේ ඉස්කෝලෙදිම ඉගැන්නුවොත් නරකද? හැබැයි, බලාගෙන, ජනාධිපතිකමේ ඉඳන් පහලට ජොබ් එක නැතිවෙන්න පුලුවන්.