
(ප්‍රියාණි මංගලිකා )
නීති විරෝධී ලෙස උපයාගත් දේපොළ බවට සැකකරන කසිප්පු ජාවාරම් කරුවකු බව කියන පුද්ගලයකු සතු කෝටි දහයකට අධික වටිනාකමකින් යුතු දේපල අද පොලිස් බාරයට ගත් බව පොලීසිය පවසයි.
වයඹ පලාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිි කිත්සිරි ජයලත් මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශයට කරණ ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණ සිදු කළ එම නිලධාරීන් සැකකාර කසිප්පු ජාවාරම්කරුගේ වටිනා වාහන දෙකක් , ඉඩම් නිවාස, ඇතුලු දේපල එම නිලධාරීන් මෙලෙස පොලිස් බාරයට ගත් බවද පොලීසිය සඳහන් කරයි .
මෙම සැකකරු වසර 30 කට අධික කාලයක් ,වයඹ පලාත ,කුරුණෑගල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් ,මහා පරිමාන ලෙස කසිප්පු බෙදා හරිමින් ,උපයා ගත් මුදලින් , විශාල වශයෙන් දේපල උපයාගෙන ඇති බවට විමර්ශන වලදී අනාවරණය කර ගැණීමෙන් පසුව එම දේපල මෙලෙස පොලිස් බාරයට ගත් බවද පොලීසිය පවසයි.
සැකකරුට අයත් වටිනා වාහන දෙකක් ඇතුලු කුඹුරු අක්කර 30ක් පමණද ,ගොඩ ඉඩම් අක්කර දහයක් පමණද , ඔහුගේ පුත්‍රයාට අයත් අක්කර තුනක ඉඩමක් සහ සුවිසල් නිවසක්ද , බිරිඳ ගේ නමින් ඇති ඉදිකිරීම් අරඹා ඇති අක්කර තුනක පමණ ඉඩමක්ද ඇතුලු දේපල මෙම නීති විරෝධීව උපයාගත් දේපල බවට අනාවරණය කරගෙන ඇති බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
343
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1004
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෝටි 10ක අයුතු දේපොළ පොලිස් බාරයට