(පුෂ්පකුමාර ජයරත්න)
ඉහළ පොලියක් ලබා දෙන පවසමින් විශාල පිරිසකගෙන් මුදල් ලබාගෙන රුපියල් කෝටි දහසකට අධික මුදලක් වංචා කර සැඟවී සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වානීජ හා මූල්‍ය වංචා විමර්ශන ඒකකය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ කුරුණෑගල හංහමුණව ඉයෝන් ලංකා ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ෆිල්ම් ප්‍රඩක්ෂන් මූල්‍ය ආයතනයේ හිමිකරු සහ ප්‍රධාන පිලිකරු ලබන මස පළමුවැනි දා තෙක් රිමාන්ඩ් කරන්නැයි වාරියපොළ මහේස්ත්‍රාත් රසික මල්ලවාරච්චි මහතා නියෝග කළේය.
සැකකරුවන් යුද හමුදා විශ්‍රාමික සැරයන්වරු දෙදෙනෙකි
ජනතාවගෙන් මුදල් වංචා කර වසර දෙකකට ආසන්න කාලයක් සැඟවී සිටිය බව කියන සැකකාර ව්‍යාපාරිකයා මහනුවර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඉහළ පොලී අනුපාතයක් ලබා දෙන බව පවසමින් සැකකාර ව්‍යාපාරිකයා හංහමුණව පිහිටි තම නිවසේ අදාළ මූල්‍ය ආයතනය පවත්වාගෙන යමින් රුපියල් ලක්ෂයේ සිට රුපියල් කෝටිය ඉක්මවූ විවිධ ප්‍රමාණයෙන් මුදල් තැම්පතු ලබාගෙන පසුව එම තැම්පතු සඳහා ගෙවිය යුතු පොලිය සහ මුදල් ගනුදෙනුකරුවන් වෙත ආපසු ලබා නොදෙමින් මෙම මහා පරිමාණයේ මූල්‍ය වංචාව සිදු කරගෙන ගොස් තිබුණි.
2025 දෙසැම්බර් මස 30
144
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
764
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
373
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කෝටි 1000ක් වංචා කළ විශ්‍රාමික යුද හමුදා සැරයන්වරු රිමාන්ඩ්
කමල් දිසානායක Saturday, 28 October 2023 08:28 PM
ඔය වංචාවට වැඩි හරියක් අහුවුනේත් ත්‍රිවිධ හමුදාවේ සේවය කරපු අය. මූල්‍ය සාක්ෂරතාවය අඩු වෙනකොට මේ වගේ දේවල්වලට ගමේ ගොඩේ මිනිස්සු අහුවෙනකොට ඉගෙන ගත්තු අය කොටස් වෙළඳපොලේ පම්පින් ඇන්ඩ් ඩම්පින් වලට අහුවෙනවා. වැඩි තණ්හාවට ගියා කියන චෝදනාව කරලා බැංකුවල විතරක් සල්ලි දාන්න කියන අයටත්, කියන්න තියෙන්නේ ඒකත් මිනිස්සුන්ගේ හිතේ බය යොදාගෙන රවට්ටලා හූරං කන තව විදිහක් කියන එක. උදාහරණ විදිහට බැංකුවල දෙන පොලිය රජයේ බැඳුම්කරවල ලැබෙන පොලියට වඩා අඩුයි.
Sampath Abeygunasekara Saturday, 28 October 2023 08:35 PM
මේවා අධික පොළියට මුදල් දීපුවා නීති විරෝධී ගණුදෙනු. රජයේ බැංකුවල නොදැම්මා නම් සත පහක් දෙන්න ඕනෙ නෑ. මේවට කාලය නාස්ති කිරීමත් අපරාධයක්... ඊට පස්සේ ජනතාවගේ බදුමුදල් වලින් මේවා පියවන්න ඉල්ලනවා...