(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

මෙරට ඉතිහාසයේ විශාලතම මත්ද්‍රව්‍ය තොගය වන රුපියල් කෝටි 1000ක් පමණ වෙළඳ වටිනාකමක් තිබෙන අයිස් සහ හෙරොයින් මත්කුඩු තොගයක් ධීවරයන් හත් දෙනකු සමඟ ගැඹුරු මුහුදේදී නාවික හමුදා බාරයට ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් මහතා පැවසීය.

එම යාත්‍රාවේ තිබී පොහොර උර 51 ක් බහා තිබු කිලෝ 700 ක බරින් අයිස් මත්ද්‍රව්‍ය අඩංගු පැකට් 500ක් හා හොරෙයින්  මත්කුඩු අඩංගු පැකට් 178 ක් සොයා ගෙන ඇත.

එම මත්ද්‍රව්‍ය තොගය දකුණුු පළාතේ  සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කොස්ගොඩ සුජී නැමැත්තාට අයත් ඒවා බවට තොරතුරු ලැබී ඇතැයි  නාවික හමුදාව කියයි