
(යොහාන් භාසුර සහ ටී.කේ.ජී. කපිල)
රුපියල් කෝටි 10 ක පමණ වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5 ක පමණ ප්‍රමාණයක් තායිලන්ත ජාතික කාන්තාවකගේ ගමන් මල්ලේ තිබී ශ්‍රී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකය අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
මැලේසියාවේ සිට පැමිණි තායිලන්ත විදේශ ගමන් බලපත්‍රයක් සහිත කාන්තාවකගේ ගමන් මල්ල පරීක්ෂා කිරීමේදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගත් බවත් ඇය සිංගප්පූරු ගුවන් සේවය ගුවන් යානයකින් මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට සිංගප්පූරුව හරහා ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත් ඒ මහතා කීය.සැකකාර කාන්තාව 33 වැනි ඊයේ පසුව වන අතර අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය කාන්තාව ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය විසින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාරදීමට නියමිත බවද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය තදින් ක්‍රියාත්මක කරන්න මේ වෙලාවේ අපේ අනාගත පරපුර