(නිමන්ති රණසිංහ)
රැඳවුම් නියෝග මත රඳවා සිටින පාතාල සාමාජිකයකු වූ කංජිපානි ඉම්රාන් නමැත්තා සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇති කරුණු දෝෂ සහගත බවට කළ ඉල්ලීමක් අනුව කරුණු ඉදිරිපත් කිරීමට කොළඹ අපරාධ කොට්ඨාසයට ජූලි 19 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නේරංජනා ද සිල්වා මහත්මිය අද (17) නොතීසි නිකුත් කළා ය.
කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවා ප්‍රශ්න කරන පාතාල ක්‍රියාකරුවෙකු වූ කංජිපානි ඉම්රාන් නමැත්තා වෙනුවෙන් අධිකරණයට මෝසමකින් කරුණු ඉදිරිපත් කළ ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද මහතා කළ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය මෙම නොතීසිය නිකුත් කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ඔහේ එයාවත් නිදහස් කළා නම් ඉවරයි...!
හැ !!! කොච්චර දේවල් මාධ්‍ය මගින් මහජනයා දැනගෙනත් සි. අයි . ඩී . එකට ඒ ටික හරියට ගොනු කරගන්න බැරිද ? නැතිනම් තෝරු මෝරු ටික දැල ඉරීම සාර්ථකද? දේශපාලුවන් ටික ඇඟිලි ගහලා වගේ. පොලිස් දෙපාර්තුමේන්තුව මිට වඩා නීතිමය පැත්තෙන් ශක්තිමත් වියයුතුය. පහුගිය දවස්වල කිවා නේද ස්කොට්ලන්ත පොලිසියේ සහාය ලැබෙනවා කියලා. සමාජ දුෂිතයින් හට උදවුකරන දේශපාලුවන්ට සමාජ දුශිතයින්ට වඩා තදින් නිතිය ක්‍රියාත්මක කළ යුතුය. පොලිසියේ සිටින සියලුදෙනාම එකවිදියට නැගිට නිතිය හරි හැටි ක්‍රියාත්මක කළොත් ඔය දුෂිත දේශපාලුවන් ඔක්කොම ගෙදර.