
(පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ ආනන්ද ඉ ජයකොඩි)
කොළඹ මහනුවර මහා මාර්ගයේ බටලීය කජුගම ප්‍රදේශයේ දී අද (5) උදේ සිදුවූ රිය අනතුරකින් කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු විසි තුන් දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි .
මහනුවර සිට මීගමුව බලා ගමන් ගමන් ගත් පෞද්ගලික බස් රථයක් හා කොළඹ සිට මුතූර් බලා ගමන් ගත් ලංගම බස් රථයක් මුහුණට මුහුණලා ගැටී අනතුරට ලක්වීමෙන් මෙම පිරිස තුවාල ලබා ඇත.
බස් රථ දෙකේ රියදුරන් දෙදෙනා ද තුවාලකරුවන් අතර වේ. සියලු තුවාලකරුවන් වතුපිටිවල මූලික රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කරනු ලැබීය.
එක් රියදුරකු බොහෝ වේලාවක් කල් ගත කර සිටීමෙන් පසු තමන් ද තුවාල ලබා සිටින බව පැවසීමෙන්පසු ඔහුද රෝහල්ගත කිරීමට පොලිසිය කටයුතු කරනු ලැබීය . එම රියදුරාගේ පාදවලට තුවාල සිදුවී තිබිණි.
බස් රථ දෙකට ද දැඩි ලෙස අලාභ හානි වී තිබිණි .
තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතල නොවන බව මේ සම්බන්ධව කළ විමසීමේ දී වතුපිටිවල රෝහලේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
නිට්ටඹුව පොලිසියේ උප පොලිස් පරීක්ෂක මංජුල රාජපක්ෂ පොලිස් සැරයන් 2035 සුමේධ ඇතුළු නිලධාරීහු සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වති .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුහුණට එනකොටවත් ඇස් පෙන්නේ නැද්ද. එක්කෙනෙක් ගේ හදිසියට කී දෙනෙක් අනතුරේද. මේ ගොල්ලන්ට මිනිස් ජීවිත වල වටිනාකම ගැන පාඩමක් කියලා දිය යුතුයි මුලින්ම. මොකද්ද මෙච්චර හදිස්සිය.... සැම දෙනාටම ඉක්මන් සුවය ලැබේවා.