IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


කජුගමදී බස් දෙකක් මුහුණට මුහුණ ගැටෙයි

(පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ ආනන්ද ඉ ජයකොඩි)

කොළඹ මහනුවර මහා මාර්ගයේ බටලීය කජුගම ප්‍රදේශයේ දී අද (5) උදේ සිදුවූ රිය අනතුරකින් කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු විසි තුන් දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි .

මහනුවර සිට මීගමුව බලා ගමන් ගමන් ගත් පෞද්ගලික බස් රථයක් හා කොළඹ සිට මුතූර් බලා ගමන් ගත් ලංගම බස් රථයක් මුහුණට මුහුණලා ගැටී  අනතුරට ලක්වීමෙන් මෙම පිරිස තුවාල ලබා ඇත.  

බස් රථ දෙකේ රියදුරන් දෙදෙනා ද තුවාලකරුවන් අතර වේ. සියලු තුවාලකරුවන් වතුපිටිවල මූලික රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කරනු ලැබීය.

එක් රියදුරකු  බොහෝ වේලාවක් කල් ගත කර සිටීමෙන් පසු තමන් ද තුවාල ලබා සිටින බව පැවසීමෙන්පසු ඔහුද රෝහල්ගත කිරීමට පොලිසිය කටයුතු කරනු ලැබීය . එම රියදුරාගේ පාදවලට තුවාල සිදුවී තිබිණි.

බස් රථ දෙකට ද දැඩි ලෙස අලාභ හානි වී තිබිණි .

තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතල නොවන බව මේ සම්බන්ධව කළ විමසීමේ දී වතුපිටිවල  රෝහලේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

නිට්ටඹුව පොලිසියේ උප පොලිස් පරීක්ෂක  මංජුල රාජපක්ෂ පොලිස් සැරයන් 2035 සුමේධ ඇතුළු නිලධාරීහු සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වති .



අදහස් (1)

කජුගමදී බස් දෙකක් මුහුණට මුහුණ ගැටෙයි

උධුලී Saturday, 06 May 2023 02:06 PM

මුහුණට එනකොටවත් ඇස් පෙන්නේ නැද්ද. එක්කෙනෙක් ගේ හදිසියට කී දෙනෙක් අනතුරේද. මේ ගොල්ලන්ට මිනිස් ජීවිත වල වටිනාකම ගැන පාඩමක් කියලා දිය යුතුයි මුලින්ම. මොකද්ද මෙච්චර හදිස්සිය.... සැම දෙනාටම ඉක්මන් සුවය ලැබේවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 504 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 261 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site