
(ගයාන් සූරියආරච්චි)
නාවික හමුදාව විසින් ත්‍රිකුණාමලය, කුච්චුවේලි මුහුදු තීරයේ නීති විරෝධී දැල් භාවිත කරමින් මසුන් අල්ලමින් සිටි ධීවර බෝට්ටුවක් අත්අඩංගුවට ගෙන ගොඩබිමට රැගෙන එමින් සිටියදී සංවිධාත්මක බෝට්ටු 3 කින් පැමිණි 30 දෙනකුගෙන් යුත් ධීවරයන් පිරිසක් නාවික හමුදා නිලධාරීන්ට පහරදීමට යාමේදී කළ වෙඩි තැබීමකදී එක් ධීවරයකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව නාවික හමුදාව පවසයි.
තුවාල ලැබූ පුද්ගලයා ත්‍රිකුණාමලය මහ රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුගේ පිට ප්‍රදේශයට වෙඩි වැදී ඇති බවත් ඔහුගේ තත්ත්වය එතරම් බලපතළ නොවන බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි.
එම සංවිධානාත්මක ධීවර කණ්ඩායමෙන් පහර කෑමට ලක්වූ නාවික හමුදා නිලධාරීන් දෙදෙනකුද තුවාල ලබා රෝහල් ගත කර ඇති බව නාවික හමුදාව පවසයි.
නාවික හමුදාව ලංකාපටුන, නිලාවේලි ඇතුළු උතුරු මුහුදේ සිදුකළ මෙහෙයුම්වලදී නීති විරෝධී දැල් භාවිත කර ධීවර කටයුතු යෙදුණු බෝට්ටු 11 ක් සහ පුද්ගලයන් 48 ක් ඊයේ (3) අත්අඩංගුවට ගෙන තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්‍රස්තවාදීයාත් නීත්‍යනුකූල හමුදා නිලධාරියාත් නොහඳුනන මංවැනි ජාතකේ විකෘතිතා ඇතිවුන් මේ රටේ නැති එක හොඳයි. ඹවුන් සිටියා නම් ත්‍රස්තවාදීන් හෝ වෙනත් අන්තවාදී කණ්ඩායම් බඩපිනුම් ගසන්නට පෙළඹෙනු ඇත. සාමය රැක ගැනීම උදෙසා මේ අන්තවාදී කණ්ඩායම් ගරු නාවික හමුදාව සමඟ සටන් වැදී ඇත. දැන් දැන් උතුරු නැගෙනහිර අලුත් සෙල්ලම් එළිදැක්වෙනු ඇත. ඊට හේතුව මං වැනි නිවටයින් සිටිනා වග ඔවුන් දන්නා බැවිනි.
කලින් තිබ්බා වගේ, යන්න කලින් චෙක් කරලා යවන්න තියෙන්නේ...