IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


‘කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට දුන්නැයි මෝදිගෙන් චෝදනාවක්’

(විමුක්ති එස් රුද්‍රිගු)

ඉන්දිරා ගාන්ධි මහත්මියගේ රජය 1974 වසරේ දී ඉන්දු ශ්‍රී ලංකා සමුද්‍රීය ගිවිසුම යටතේ කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට පවරා දුන් බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විශ්වාසභංග යෝජනාව පිළිබඳව පැවති විවාදයේදී කොංග්‍රස් පක්ෂයට චෝදනා කළේය.

එපමණක් නොව ඉන්දියාව තුළ බෙදීමක් ඇතිවූයේ ද ඉන්දිරා ගාන්ධි මහත්මියගේ රජය පැවති කාලයේ බව අග්‍රාමාත්‍ය මෝදි මහතා පැවසුවේය.

කච්චතිව් දූපත ශ්‍රී ලංකාව සහ ඉන්දියාවේ රාමේශ්වරම් අතර පැවති දූපතක් බවත් සම්ප්‍රදායිකව දෙරටේ ධීවරයන් මෙම දූපත මසුන් ඇල්ලීම සඳහා භාවිත කළත් 1974 දී   ඉන්දු ශ්‍රී ලංකා සමුද්‍රීය ගිවිසුම යටතේ කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට අයත් භූමියක් ලෙස එවකට අග්‍රාමාත්‍ය ඉන්දිරා ගාන්ධි මහත්මිය හඳුනාගත් බවත් අග්‍රාමාත්‍ය මෝදි මහතා සඳහන් කර ඇත.

එසේම දේශපාලනය වෙනුවෙන් කොංග්‍රස් පක්ෂය ඉන්දියාව කොටස් තුනකට බෙදා වෙන්කළ බව අග්‍රාමාත්‍ය මෝදි මහතා එහිදී චෝදනා කළේය.



අදහස් (7)

‘කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට දුන්නැයි මෝදිගෙන් චෝදනාවක්’

sam Friday, 11 August 2023 01:42 PM

මෝඩියා ඒකටත් කෙළින්නයි මාන බලන්නේ...!

:       0       0

මියැසි Friday, 11 August 2023 02:33 PM

දැන් ඒකට හිලව්වට ද ඔබතුමා අප රටේ දෙමළ වෙල්ලාල ජාතිවාදී නායකයනට දොල පිදේනි දෙන්න ලන්කාවට බල කරන්නෙ 13 හරහා?

:       1       46

InokaFriday, 11 August 2023 07:40 PM

ඔයා හරි. දැන් දැන් හැමදේම ඉන්දියාවත් එක්ක සම්බන්ධ කරන්න හදන්නේ අපේ රට ඉන්දියාවේ තවත් එකම එක ප්‍රාන්තයක් පමණක්ම කරන්න. කොහොම වුණත් ඉතිහාසයත් වාසියට ගියේ දෙමළ අයටනේ. එයාලයි, මුස්ලිම් අයයි යයි ඉන්දියාවට අපිට යන්න නෑ කියන්නේ මුහුදට පනින්න තමයි වෙන්නේ...!

:       0       0

බද්රානි Friday, 11 August 2023 03:09 PM

ඔය දුපත ඉන්දියාවට නැවත පවරාගෙන සංවර්ධනය කොට, සංචාරක කලාපයක් කරන්න. නැත්නම් ඉතින් මේ රටේ කාලකන්නි නොසණ්ඩාලයෝ, ඔය දුපතත් මුහුදටම යට වෙන්න ඉඩ හැරලා විනාශ කරලා තමයි පස්ස බලන්නේ...

:       0       0

lalith Friday, 11 August 2023 04:13 PM

ඒක අපිට එපා. තෙල් නලත් එපා. විදුලි කම්බිත් එපා... පාලමත් එපා. ආයෝජනත් එපා...

:       0       0

ranjith Friday, 11 August 2023 05:34 PM

ඔය එන්නේ තවත් ගේමකට... අපේ වුණාට රට පාවලා දීලා හරි බලයේ ඉන්න තමයි වුවමනාව...!

:       0       0

chandima Saturday, 12 August 2023 06:23 AM

මළාට පස්සේ කාට මොනවා කියන්න බැරිද? එතුමිය උන්නා නම් මෝදි තවම තේ කඩේ වැඩ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 404 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 233 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1022 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site