IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කෝච්චි ’’සෙක්සි’’ වෙලා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

අපේ දුම්රිය දැන් හරියට සෙක්සි වෙලා යැයි ප්‍රවාහන, මහා මාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

"කවුරුත් ආසයි.දුම්රිය සෙක්සි වුණාට හෙල්දි නෑ.ප්‍රමාද වීම් තියනවා.දුම්රිය සේවය අප රටේ අභිමානයක්. එය පුළුවන් ඉක්මනින් හදන්න අප කටයුතු කරනවා.දුම්රිය සේවයේ යම් ප්‍රතිසංස්කරණ අරඹා තිබෙනවා.සියලු දුම්රිය ස්ථාන වල කාන්තා විවේකාගාර ඉදිකරන්න අප කටයුතු කරනවා.අවිස්සාවේල්ලේ සිට රත්නපුර දක්වා දුම්රිය මාර්ගය දීර්ඝ කිරීමට අප තීන්දු කර තිබෙනවා. පාදුක්ක සිට අවිස්සාවේල දුම්රිය මාර්ගයත් වේගය වැඩි කර නවීකරණය කරනවා.දුම්රිය ස්ටේෂන් "බ්‍රෑන්ඩ්"කරන්න අප පෞද්ගලික අංශයට ආරාධනා කරනවා .නානුඔය සිට නුවරඑළියට සංචාරක දුම්රිය ඇරඹීමට හැකිදැයි සක්‍යතා අධ්‍යයනයක් කරනවා.ලංගම සහ දුම්රිය සේවය සඳහා කාන්තාවන් බඳවා ගැනීමට ප්‍රතිපත්ති තීන්දු ගෙන තිබෙනවා.බස් රථයක රියදුරුවරියන් දුම්රිය රියදුරුවරියන් තව වසරක් යන විට දැක ගන්න හැකිවේවි යනුවෙන්ද අමාත්‍යවරයා කීය.

 



අදහස් (11)

කෝච්චි ’’සෙක්සි’’ වෙලා

wije Friday, 07 March 2025 02:25 PM

අගෙයි ඇමැති තුමනි ,වටිනා පොදු ප්‍රවාහන සේවයක් ගොඩනගන්න,

:       7       49

Shantha Friday, 07 March 2025 03:24 PM

රජයට අපේ පුමාණමය

:       3       10

de silva berlin Friday, 07 March 2025 03:39 PM

නවීන බස් රථ කාන්තාවන්ට කිසිම ප්‍රශ්නයක් නොමැතිව පදවන්න පුළුවන් , මේක හොඳ දෙයක් , බස් රේස් නැතිවේවි , අනතුරු අඩු වේවි , මේක මුලින්ම අධිවේගී මාර්ගයේ පටන්ගන්න ,

:       0       10

casmir Friday, 07 March 2025 03:49 PM

අරමුණ අගයකරනවා , මම මේ ලගදි ගියා PORT RAILWAY STATION එකට එත් මටනම් කිසිම වෙනසක් දකින්ඩ නැ . මම දැක්කේ ANTIQUE railway ස්ටටිඔන් එකක් , Railway Staff එක ගැනේ කතා නොකර ඉම්මු , PORT MAIN BUSTAND එක අවට මිනිස්සුන්ට යන්ඩ PAYMENT එකක් ඇත්තෙම නෑ , තනිකරම කඩවලින් පිරිලා . මේවා පිළිවෙලට ලස්සනට හදන්ඩ පුළුවන් , ඉස්සරනම් තීන්දු තීරණ ගද්ද්දී හැමදේටම විරිද්ද උන සෙට්‌ එකක් හිටිය එත් දැන් එයාල රටේ පාලකයෝ ....

:       3       8

de silva Friday, 07 March 2025 03:55 PM

ඇමති තුමනි ශ්‍රී ලන්කන් ගුවන් සේවය සුදු අලියට වියදම් කරන මුදල් කරුණාකර දුම්රියට , ලංගමට වියදම් කරන්න , ඔබලා ජිවිත කාලෙම වේදිකාවල බෙරිහන් දුන්නේ පොඩි මිනිහට යමක් කරන කියල නේද ? දැන් අපි බලේ දුන්න , හදල දෙන්නකෝ අපේ පොදු ප්‍රවාහන සේවේ , A / C බස් අපි ඉල්ලන්නේ නැහැ , අපේ තිබෙන ටකරන් බස් ටික හරි රෙපයාර් කරලා පාරට දමන්න , රාත්‍රී 7 පස්සේ බස් නැහැ , කොච්චි හැමදාම පිලි පනිනවා , මේ ටික රෙපයාර් කරලා දෙන්න , අපේ චන්දෙට සාධාරණයක් ඉටු කරලා දෙන්න , අපි ඉර හඳ ඉල්ලන්නේ නැහැ ,

:       0       12

Asela Friday, 07 March 2025 04:00 PM

සුපුරුදු පරිදි නිෂ්ඵල කතා. දුම්රිය දෙපාර්තමේන්තුව අලුත් බෝතලයක පරණ වයින් වගේ. පරණ වැඩකට නැති සේවකයෙක් නෙරපා හැරීමෙන් තොරව, ඔබට කිසිඳු ප්‍රගතියක් අපේක්ෂා කළ නොහැකියි. කෙසේ වෙතත්, ඔබම මෙම පාලනයේ වඩාත්ම වැඩකට නැති මන්ත්‍රීවරුන්ගෙන් කෙනෙකි.

:       4       9

ගුණරත්න Friday, 07 March 2025 06:25 PM

අලුත්වැඩියා කලාම ලස්සන තමයි, ඒත් පාඩු පිට නම් දුවන්නේ බ්‍රහ්මයා මේවායේ පාලනයට හිටියත් ආපහු ජරාජීර්ණ වෙනවා. ඒක තමයි මෙතුවක් කල් අලුත ගෙනා දුම්රිය වලට වුනේ. අනික ඇමති කෙනෙක් මොකක් හරි දෙයකට සෙක්සි කියන එක අහන්න අපුලයි, තුට්ටු දෙකේ රොඩියෙක් කවලන් බාසාවෙන් කතා කළා වගේ. ඊට වඩා හොඳ සිංහල වචන නැද්ද? ලස්සන, ආකර්ශනීය, සිත් ඇදගන්නා සුළු ඔය ඕන තරම් සිංහල වචන තියෙන්නේ...

:       11       14

Rohan Sirichandra Friday, 07 March 2025 11:08 PM

මේ අසේලට දැනගැනීම පිණිස. පරණ වයින් තමයි බොහොම මිලෙන් වැඩි. වයින් පරණ වෙන්න, පරණ වෙන්න මිල අධිකයි. නමුත් වයින් ගබඩා කරන විදිහක් තියෙනවා.

:       0       0

Aslam Saturday, 08 March 2025 09:08 AM

ඔහු කතා කිරීමට ඉතා ප්‍රසිද්ධයි, නමුත් ඇමතිවරයෙකු ලෙස ප්‍රායෝගිකව කිසිදු ප්‍රයෝජනයක් නැත

:       2       3

රිතික් Saturday, 08 March 2025 10:26 AM

ඔව් සුපිරි ජැක් සෙට් වෙනවා වෙලාවකට.

:       0       0

Bunny Preena Saturday, 08 March 2025 11:33 AM

කෝච්චි සේක්සි වුනාට කමක් නැ කෝච්චි වල යන මගී ජනතාව සෙක්සි නොවි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1042 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site