IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


කාගීල්ස් Square Mall බණ්ඩාරවෙලදී විවෘත කෙරේ

කාගීල්ස් තම නවතම එළිදැක්වීම වන බණ්ඩාරවෙල නගර මධ්‍යයේ නිමැවුම් Cargills Square Mall පසුගියදා විවෘත කළේය. මෙය මෙම වසරේ විවෘත කෙරුණු දෙවැනි කාගිල්ස් සාප්පු සංකීර්ණය වන අතර, මෙරට විවෘත කෙරුණු 05 වැනි කාගිල්ස් සාප්පු සංකීර්ණය වේ.

මෙසේ විවෘත වූ  Cargills Square බණ්ඩාරවෙල හුදු සාප්පු සංකීර්ණයක් නොවන්නේ මෙය අනාගතය පිළිබඳව සුබවාදී ලකුණක් ලෙසින් සනිටුහන් වන නිසා බව එම ආයතනය සඳහන් කරයි.

මහල් පහකින් සමන්විත මෙම සාප්පු සංකීර්ණය තුළ කාගීල්ස් ෆුඩ්සිටි ශාඛාවක්, අවන්හල් කිහිපයක් සමගින් එන Food Court එකක්, කඩ සාප්පු පෙළක් KFC අවන්හලක් සහ 3D පහසුකම්ද ඇතුළත්වන සිනමා තිර දෙකකින් සමන්විත සිනමා ශාලාවක් ද ඇතුළත් වේ. එමෙන්ම ගනුදෙනුකරුවන්ට අවැසි මූල්‍ය පහසුකම් ලබාදීම සඳහාම වෙන්වුණු කාගීල්ස් බැංකු ශාඛාවක්ද මෙහි ඇතුළත්.

මහල් පහකින් යුතු මෙම  Cargills Square හි මූලිකම පරමාර්ථයක් වන්නේ තරුණයන්  සවිබල ගැන්වීම සහ ඔවුන්ගේ අපේක්ෂාවෙන් දැල්වීමයි. මෙසේ පවුල් හිතකාමී විනෝදාස්වාද සාප්පු සංකීර්ණ නිර්මාණය කිරීම මගින් කාගීල්ස් සමාගම අපේක්ෂා කරන්නේ සිහින මල්පල ගැන්විය හැකි සහ තරුණ පරම්පරාවට අවස්ථාවන්ගෙන් දීප්තිමත් අනාගතයක් අපේක්ෂා කළ හැකි අවකාශ සැපයීමයි.

Cargills Square සංකල්පය ප්‍රථම වරට හඳුන්වා දෙනු ලැබුවේ 2013 වසරේ කොළඹ නගර සීමාවෙන් එපිට ප්‍රදේශවල පාරිභෝගිකයන්ට විනෝදාස්වාද සාප්පු සවාරි අත්දැකීම ලබාදීමේ අරමුණ ඇතිවය. ප්‍රසිද්ධ සමාගමක් විසින් උතුරු ප්‍රදේශයේ සිදුකරන ලද විශාලතම ආයෝජනය සිදුකරමින් යාපනය නගරයේ පළමු  Cargills Square ගොඩනැගිල්ල විවෘත විය. එම අතිසාර්ථක පළමු පියවරෙන් පසු ගම්පහ, දෙමටගොඩ සහ කටුබැද්ද යන ප්‍රදේශවල පිළිවෙළින්  Cargills Square විවෘත විය.

බණ්ඩාරවෙල  Cargills Square සංකීර්ණය රුපියල් බිලියන 1.6 ක ආයෝජනයකින් ඉදිකරන ලද අතර ශ්‍රී ලංකා ආර්ථිකය කෙරෙහි කාගීල්ස් සමූහයේ විශ්වාසය කැපවීම පිළිබඳ සාක්ෂියකි.

595



අදහස් (0)

කාගීල්ස් Square Mall බණ්ඩාරවෙලදී විවෘත කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site