
(උදුගොඩ - වාර්තාකරු )
දිවයිනේ ප්‍රදේශ රැසකට ඉකුත් දිනවල ඇද හැළුණු තද වර්ෂාව නිසා ඇළ දොල ගංගා පිටාට ගැලීම නිසා පහත් බිම්,මංමාවත්,නිවාස රැසක් ජලයෙන් යටවී ඇත.
ජල ගැලීම් නිසා දෙහිඕව්ට අධ්‍යාපන කලාපයට අයත් පාසල් 12 වසා දමා ඇත. දෙහිඕව්ට ව්දුහල ,මුදුගමුව,රුවන්වැල්ල රාජකීය,නාපාවල,දයිගල ,නිකදළුපොත යන පාසල් එසේ වසා දමා ඇත.
ගුරුගොඩ ඔය පිටාර ගැලීමෙන් ගම් මාන රැසක් ජලයෙන් යටවී ඇත.
මේ හේතුවෙන් තල්දුව,අගුරුවැල්ල, මුදුගමුව,කන්නත්තොට,මත්තමගොඩ,කොටියාකුඹුර යන ප්‍රදේශවල ජනතාව අවතැන්ව සිට්ති.
එමෙන්ම කෑගල්ල -අව්ස්සාවේල්ල ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවීම නිසා එම ප්‍රදේශ වල ප්‍රවාහන කටයුතු මුළුමනින්ම ඇන හිට තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd