මෙවර මහ මැතිවරණයේදී ඉන්දීය කොංග්‍රස් පක්ෂයට ලොක් සභාවේ තුළ ආසන 100 කට වැඩි සංඛ්‍යාවක් හිමිකර ගැනීමට හැකියාව ලැබුණේය. 2014 වසරින් පසුව ඉන්දීය කොංග්‍රස් පක්ෂය ලොක් සභාව තුළ හිමිකර ගත් වැඩිම ආසන සංඛ්‍යාව මෙය විය.
ඉන්දීය කොංග්‍රස් පක්ෂය 2009 වසරේදී පැවැති මහ මැතිවරණයේදී එක්සත් ප්‍රගතිශීලී සන්ධානයට නායකත්වය දෙමින් ආසන 206 දින ගැනීමට සමත් විය.නමුත් 2014 වසරේදී පැවැති ඉන්දීය මහ මැතිවරණයේදී ඉන්දීය කොංග්‍රස් පක්ෂයට ලොක් සභාව තුළ හිමිකර ගැනීමට හැකිවූ ආසන සංඛ්‍යාව 44 ට සීමා විය. 2019 මහ මැතිවරණයේදී ආසන සංඛ්‍යාව සුළු වශයෙන් වැඩිකර ගනිමින් ලොක් සභාව තුළ ආසන 52 ක් දිනා ගැනීමට ඉන්දීය කොංග්‍රස් පක්ෂයට හැකියාව ලැබුණේය.
වත්මන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට 2014 වසරේදී විශාල ජන ප්‍රසාදයක් හිමිවී තිබීම හේතුවෙන් එවකට පැවැති මැතිවරණයේදී ආසන 162 ක් අහිමි කර ගැනීමට ඉන්දීය කොංග්‍රස් පක්ෂයට සිදුවිය.එම අවස්ථාවේ ඉන්දීය කොංග්‍රස් පක්ෂයට අහිමි වූ ඡන්ද ප්‍රතිශතය සියයට 9.3 කට ආසන්න වූවේය. එවකට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට තිබූ ජන ප්‍රසාදය දේශපාලන විචාරකයෝ මෝදි රැල්ල ලෙස හැඳින්විය.
අග්‍රාමාත්‍ය මෝදී හිමිකර ගත් ජන ප්‍රසාදය 2019 වසරේදීද එලෙසම පැවැතුණත් එම අවස්ථාවේදී පැවැති මැතිවරණයේදී ඉන්දීය කොංග්‍රස් පක්ෂයට ලොක් සභාව තුළ සිය ආසන සංඛ්‍යාව සුළු වශයෙන් වැඩි කර ගැනීමට හැකියාව ලැබුණේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාහුල් ගාන්ධිත් නිකං අපේ පුතානෝ වගේ, කියන්නෙම මෝඩ කතා
මෙවර මැතිවරණයෙන් මෝදිට සුළු ජයග්‍රහනයක් ලැබුනේ තෙවන වරටත් තරඟකිරීම නිසයි. කොතරම් ජනප්‍රිය දක්ෂ නායකයෙකු වුවත් දිගින් දිගටම තරගකලොත් ලබතහැකි ඡන්ද ප්‍රමානය අඩුවීම මේ සුළු ජයග්‍රහනයෙන් පෙන්නුම් කරයි.
රාහුල් මැතිතුමනි .ගේම ඇත අරින්න එපා.තව කාලයක් අල්ලාගෙන ඉමු.පැරදිලා පැරදිලා ඉඳලා.කවදා හරි,මොන ක්‍රමයෙන් හරි බලය ලැබෙයි.අවුරුදු 75 දී වෙන්නත් පුළුවන්.ලංකාවේ වෙන දේවල් දිහා බලලා.හිත ධෛර්ය කරගන්න