IMG-LOGO

කොංග්‍රසය අමතමින් පුටින්ට දෙහි කපයි

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් කොංග්‍රස් මණ්ඩලය ආමන්ත්‍රණය කරමින්, රාජාසන කථාව ඉදිරිපත් කළේය.

එහිදී ඇමෙරිකාවේ අභ්‍යන්තර අර්බුදවලට වඩා ජනපති බයිඩන්ගේ වැඩි අවධානය යොමු වූයේ යුක්රේන රුසියානු යුද්ධය කෙරෙහිය. රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ‘ඒකාධිපති නරුමයකු’ ලෙස හඳුන්වාදීමට ද ඇමෙරිකන් ජනාධිපතිවරයා අමතක නොකළේය.

ලෝකයට යුද්ධයක් අවශ්‍ය නැති බවත්, යුක්රේන වැසියන්ගේ නිදහස අහිමි කිරීමට රුසියන් ජනාධිපති පුටින් ගන්නා උත්සාහය අසාර්ථක වනු ඇති බවත් ඇමෙරිකන් ජනාධිපතිවරයා වැඩි දුරටත් පැවැසීය.

රුසියන් ජනාධිපති පුටින්, මේ වනවිට මුළු ලෝකයේම අප්‍රසාදයට පත් වී සිටින බවත්, යුක්රේනයට එරෙහිව පුටින් ගෙන යන සටන ඔහුගේ අවසානය වනු ඇති බවත් ඇමෙරිකන් ජනාධිපතිවරයා කොංග්‍රස් මණ්ඩලය හමුවේ පැහැදිලි කළේය.

ප්‍රබල රුසියන් හමුදාවට එරෙහිව නැගී සිටිමින් අභියෝග කරන යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සහ යුක්රේන සිවිල් වැසියන්නේ නීර්භීතබව සහ ධෛර්යය ඇගැයීමට ලක් කිරීමට ද ඇමෙරිකන් ජනාධිපතිවරායා අමතක නොකළේය.

යුක්රේනයට එල්ල කරන ප්‍රහාර හමුවේ රුසියාව දිනෙන් දින දුර්වල වෙමින් පවතින බව ද ඇමෙරිකන් ජනාධිපති බයිඩන් වැඩි දුරටත් පවසා ඇත. ඒ, ඇමෙරිකන් බුද්ධි අංශ උපුටා දක්වමිනි.

යුක්රේනයට එල්ල කරන ප්‍රහාරවලට විරෝධය පළ කරමින් ඇමෙරිකාව මේ වනවිටත් රුසියාවට සම්බාධක පැනැවීමක් කර ඇත. ඒ රුසියාව ආර්ථිකමය වශයෙන් අඩපණ කිරීමේ අරමුණින්ය. රුසියානු සමාගම්, ව්‍යාපාරිකයන් සහ බිලියනපතියන් ඉලක්ක කර ගනිමින් ඇමෙරිකාව දිගින් දිගටම නව සම්බාධක පනවන බව ද වාර්තා වේ.

ඊට අමතරව සෙසු බටහිර රටවල් සේම, ඇමෙරිකාවෙන් යුක්රේන හමුදාවට අවි ආයුධ ලබා දීම පවා සිදුවෙයි.

(රොයිටර්)

යුක්රේන-රුසියා අර්බුදය:- වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න



අදහස් (5)

කොංග්‍රසය අමතමින් පුටින්ට දෙහි කපයි

රිතික් Wednesday, 02 March 2022 02:09 PM

පූටින්ට කපන්න ඕනෑ දෙහි නෙමෙයි

:       10       5

ravin Wednesday, 02 March 2022 02:24 PM

වැඩට බැහැපු දවසේ ඉඳලාම ඔය යුද්ධය අවුලවන්න දත කෑවේ කවුද? ගලේ පහරපු බළලා වගේ දැන් වහගන්නද හදන්නේ. හිතුවට වඩා වැඩේ බරපතලකම තේරෙනකොට හොල්මන් වෙන්න එපා. මුහුණ දෙන්න මහත්මයෙක් වගේ... බලු කුක්කෙක් වගේ නැට්ට අකුලුවා ගන්නේ නැතිව...

:       2       12

චන්දන Wednesday, 02 March 2022 03:51 PM

නැතිව මෙයාට පුළුවන් ද පුටින් හොඳයි කියන්න... මේ යුද්ධයට ඉස්සර වෙලාම වග කියන්න ඕන බයිඩන්. එයා තමයි යුක්රේනය අමාරුවේ දැම්මේ...

:       1       8

Kule Wednesday, 02 March 2022 06:21 PM

ඉරාකය, සිරියාව, ලිබියාව... දැන් හරි දියුණුයි. ඒ රටවල් මෙයාලගේ හමුදාව විනාශ කරනකොට මෙයා කොහේද හිටියේ..? ඒත් මැරුණේ මිනිස්සු... මේත් මැරෙන්නේ මිනිස්සු....!

:       1       1

Bamunuarachchi Wednesday, 02 March 2022 06:29 PM

රුසියානුවන් නැති පාලුගෙයි වළං බිඳලා වැඩක් නැහැ... දෙහි නොවෙයි ජම්බෝල කැපුවත් පුටින් ගණන් ගන්නේ නැහැ.

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 179 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 96 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1695 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site