
රුසියානු යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් සාමකතා පවත්වනවා නම්, යුක්රේනයේ නගරවලට බෝම්බ ප්‍රහාර එල්ල කිරීම වහා නවත්වන්නැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී රුසියාවට පවසා තිබේ.
යුන්රේන ජනාධිපතිවරයා මෙසේ කියා සිටියේ යුක්රේන බෙලරූස් දේශසීමාවේ රුසියන් රජයේ සහ යුක්රේන රජයේ නියෝජිතයන් අතරේ දෙවැනි වටයේ සාම සාකච්ඡා පැවැත්වීමට ඔන්න මෙන්න කියා තිබියදීය.
රුසියානු සහ යුක්රේන නියෝජිතයන් අතරේ සාම සාකච්ඡා පළමු වටය පැවැත්වූයේ පසුගිය 28 වැනිදාය. සාකච්ඡා පැවැත්වීම සිදුවන්නේ යුක්රේන බෙලරූස් දේශසීමාවේය. බෙලරූසය යුක්රේනයේ මෙන්ම රුසියාවේ ද අසල්වැසියාය. බෙලරූස ජනාධිපති ලුකෂෙන්කෝ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ සමීපතම හිතවාදියෙකි. සාම කතා සඳහා අනුග්‍රහය ලබා දෙන්නේ බෙලරූස් ජනාධිපතිවරයාය.
මේ අතර, රුසියන් ජනාධිපති පුටින්ට සහ රුසියන් හමුදාවට සහාය පළ කරමින්, බෙලරූස් හමුදාව ද යුක්රේන හමුදාව සමඟ සටනට පිවිස ඇතැයි යුක්රේනය චෝදනා නගයි.
කෙසේ නමුත් බෙලරූසය එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර තිබේ. බටහිර රටවල් දිගින් දිගටම පෙන්වා දෙන්නේ බෙලරූසය රුසියාවේ රූකඩයක් බවය.
(රොයිටර්)
යුක්රේන-රුසියා අර්බුදය:- වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න
2025 ඔක්තෝබර් මස 08
1618
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1393
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
494
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සාමකතාවලට කලින් බෝම්බ ප්‍රහාර නවත්වන්න