(යොහාන් භාසුර)

කුකුළු මස් මිල රුපියල් 500 කට ආසන්න මුදලකින් පහත දමා ඇතැයි සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමය පවසයි.

කුකුළු මස් කිලෝවක මිල පසුගිය කාලයේ රුපියල් 1500 ත් 1600 ත් අතර මිලක පැවැති බවත් කුකුළු මස් කිලෝවක මිල මේ වන විට රුපියල් 1100 ක් දක්වා අඩුකර ඇති බවත් කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමය කීය.

කුකුළු මස් සහ බිත්තර මිල ඉහළ යෑමත් සමඟ ජනතාව එම වර්ග දෙකම මිලදී ගැනීම අඩු කළ බව කී සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමය ඒ හේතුවෙන් ඉල්ලුම විශාල ලෙස අඩු වූ බව ද සඳහන් කළේය.