(යොහාන් භාසුර)
කැකිරාව සහ පළුගස්වැව දුම්රිය ස්ථාන අතර පිහිටි දුම්රිය හරස් මාර්ගය අලුත්වැඩියාවක් සඳහා ලබන පෙබරවාරි මස 7 සහ 8 දෙදින වසා තබන බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.
ඒ අනුව එම දුම්රිය හරස් මාර්ගය ලබන මස 7 වැනිදා පෙරවරු 7.00 සිට පෙරවරු 10.30 දක්වා අර්ධ වශයෙන් ද, එදින පෙරවරු 10.30 සිට රාත්‍රී 10.30 දක්වා සම්පූර්ණයෙන් ද, වසා තබන බවත් 8 වැනිදා පෙරවරු 6.00 සිට රාත්‍රී 10.30 දක්වා අර්ධ වශයෙන් ද, වසා තබන බවත් එම දෙපාර්තමේන්තුව කියයි.
කැකිරාව - ගනේවල්පොල මාර්ගයේ ඇති මෙම දුම්රිය හරස් මාර්ගය අර්ධ වශයෙන් වසා තබන කාලය තුළදී වාහන ධාවනය හසුරුවන බවත් සම්පූර්ණයෙන් වසා තබන කාලයේදී විකල්ප මාර්ග භාවිත කළ යුතු බවත් දුම්රිය දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd