(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
කලුතර "කේක් නෝනා" නැමැති කාන්තාවක් සමාජ මාධ්‍යයේ පළ කරන සටහන් නිසා තම වරප්‍රසාද කඩවී ඇතැයි පොදු ජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවට වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කරමින් පැවසීය.
තමාට මෙන්ම වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාටද අපහාස වන අයුරින් මෙම කාන්තාව සමාජ මාධ්‍යයේ විවිධ සටහන් තබා ඇතැයි කී මන්ත්‍රීවරයා එම සටහන් නිසා තමාට ජීවිත තර්ජනයක් ඇතිවී තිබෙන බවද සඳහන් කළේය.
තමා වරදක් කර තිබේ නම් ඕනෑම විවේචනයක් කළාට කමක් නැතැයි ද වරදක් නොකර මෙලෙස විවේචනය කිරීම හරි නැතැයිද අබේගුණවර්ධන මහතා කීය.
තමා හොරෙක් බවත් වහාම අත්අඩංගුවට ගත යුතු බවත් එම ෆේස්බුක් සටහන් වල සඳහන්ව ඇතැයි මන්ත්‍රීවරයා කීය.
2015 වසරේ පාර්ලිමේන්තු මැතිවරණයටද ඉල්ලූ මෙම කාන්තාව "කේක් නෝනා" යැයි කියූ විට කවුරුත් දන්නා බවද රෝහිත අබෙිගුණවර්ධන මහතා වැඩිදුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් මිනිස්සු කුණු කතා කියන එක නවත්තන්න තමයි මාර්ගගත ආරක්ෂාව පිළිබඳ පණත ගෙනාවේ. මිනිස්සුන්ගේ කටවල් වලට ඉබ්බෝ දාමු.
ඩොලර් නැව්වලට අපහාස කරන්න එපා.. ඒ්වා ඇත්තම ඇත්ත... නූගත් මිනිස්සු කිව්වට ඩොලර් ගනුදෙනු බැංකු අතර කියලා අපි ඒවා විශ්වාස කරන්නේ නැහැ.
මගේ මාලේ කැඩුවා, ඉතිං මම එයාගේ වරප්‍රසාද කැඩුවා. ඇයි අවුල්ද?
මාල හොරා , මාල හොරා...!
88/89 සන්දියේ බත් මුට්ටි සහ හැඳුනුම්පත් හොරකම් කළ අයට උඩ ගෙඩි දෙන අය අනිත් අයට හොරා යැයි කීම තරම් විහිළුවක් තවත් ඇද්ද?
ලංකාවේ මාල හොරුන් ගිය උඩ...
මුන්දැලා පාර්ලිමේන්තු වරප‍්‍රසාද වලට මුවාවෙලා මුළු රටේ ජනතාවගේ වරප්‍රසාද කඩකරලා තියෙන්නේ... එක්කෙනෙක් හොර බෙහෙත් ගෙනත් එයාට හොඳ බෙහෙත් රටින් ගෙන්න ගන්න දඟලනවා.