
(ගයාන් සූරියආරච්චි)
අතුරුගිරිය ටැටූ ආයතනයේදී සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත නැමැත්තාට වෙඩි තැබීමේ සිද්ධියේදී වෙඩි වැදී කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ගායන ශිල්පිනී කේ. සුජීවා ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
අතුරුගිරියේදී ඉකුත් (8) වැනිදා නාදුනන තුවක්කුකරුවන් දෙදෙනකු විසින් ටැටූ ආයතනයට කඩාවැදී ක්ලබ් වසන්ත ඇතුළු පිරිසට වෙඩි පිට වෙඩි තැබීමෙන් ගායන ශිල්පිනී කේ.සුජීවාගේ පාදයකට වෙඩි උණ්ඩ දෙකක් වැදී තිබුණි.
සැත්කම් කීපයකින් අනතුරුව කේ. සුජීවා කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවක ප්‍රතිකාර ලබමින් සිටියාය.
ඇයගේ පාදයේ තුවාල යහපත් අතට පත්වීම හේතුවෙන් ඇය වෛද්‍ය උපදෙස් මත රෝහලෙන් පිටව ගොස් ඇති බව එම උසස් නිලධාරිය කීය.
ක්ලබ් වසන්ත නැමැත්තාගේ බිරිය තවමත් කළුබෝවිල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවද එම නිලධාරියා පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් තව චීවරධාරියෙකුට අවස්ථාව තියනව... ඕනෑකර තිබේ කියන්න විතරයි තියෙන්නේ...
ටේ ඇතිවී තිබෙන මෙම තත්වය මත මේ කාන්තාව පිට පමණක් වරද පටවන්න බැහැ බන කියන්න , දානෙට වඩින්න , මුදල් අයකරන චීවර ධාරියෝ විශාල ප්‍රමාණයක් රටේ සිටිනවා , ඔවුන් ගමන් බිමන් යන්නේ කොටි 7-8 වටිනා වාහන වලින් , මේකට වගකියන්න ඕනේ ඔවුන්ට මුදල් ගෙවන ජනතාව , රටේ බුද්ධ ශාසන අමාත්‍යංශයක් තිබෙනවා , රජයට පුළුවන් පනතක් ගෙනත් හාමුදුරුවරුන්ට යම්කිසි සීමාවකට ඉහලින් බැංකු ගිණුම් සහ මුදල් පරිහරණය සිමා කරන්න . කෙටියෙන් කියනවනම් හාමුදුරුවරුන්ට වියපර කිරීම සම්පුර්ණයෙන් ටහනම් කරන්න ඕනේ ,පූජා කරන කෙනෙකුට පුළුවන් පන්සලට මුදල් පූජා කරන්න , එම අරමුදල් ධායක සභාව සහ බුද්ධ සාසන අමාත්‍යංශය හරහා පාලනය වෙන ක්‍රමවේදයක් සැකසෙන්න ඕනේ , දේවාලවල කපුවන්ටත් මේක අදාළ වෙනවා . සාංගික දේපල තනිකරම බුද්ධ ශාසන අමාත්‍යංශය සතු වෙන්න ඕනේ , හාමුදුරුවරුන්ට තනි තීරණ අරන් පන්සලේ දේපල විකිණීම සම්පුර්ණයෙන්ම තහනම් කරන්න ඕනේ . මෙහෙම දෙයක්වත් කරන්න බැරිනම් බුද්ධ සාසන ඇමතිවරයෙක් , අමාත්‍යංශයක් ජනතා මුදලෙන් නඩත්තු කරන එකේ තේරුමක් තිබෙනවද ?
ආයෙමත් කාගේ හරි කරේ එල්ලිලා සුද්දයක් දාන්ඩ බැරිවෙන එකක් නැහැ.
මෙයාගේ හිටපු සැමියන් හතරදෙනාම තට්ටයෝ....