IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කෑ ගැහුවොත් සෙංකෝලය උස්සනවා

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

"කෑගහන්න එපා. වැඩිය කෑ ගැහුවොත් සෙංකෝලේ උස්සගෙන යනවා" යැයි  ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද(26)  තර්ජනයක් කළේය.

දසනායක මහතා මෙසේ තර්ජනයක් කළේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ඔහුගේ   කතාවට බාධා කළ අවස්ථාවේදීය.

" මට කතා කරන්න ඉඩ දෙනවා. අයිසේ, ලැජ්ජ නැතුව වාඩි වෙනවා.  පිස්සෙක් වෙන්නේ නැතුව" යැයිද  ඔහු සඳහන් කළේය.

නලින් බණ්ඩාර මහතා:

මෙයා කියනවා  පාස්කු ප්‍රහාරය වෙලාවේ  මම   පොලිස් නියෝජ්‍ය ඇමති කියලා.  පොලිසිය භාර නියෝජ්‍ය ඇමති නොවෙයි.  මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා අපි මුලින්ම  අයින්කළා.

 



අදහස් (17)

කෑ ගැහුවොත් සෙංකෝලය උස්සනවා

Prabha Friday, 26 April 2024 03:36 PM

ප්‍රාථමික පන්තියටවත් නොගිය ඇමැතිගේ කතා...!

:       6       44

Perera Friday, 26 April 2024 03:51 PM

මේ විදිහේ මෙලෝ උගත්කමක් බුද්ධියක් නැති මදාවි රට පාලනය කරනකොට රටට වෙලා තියන දේ පුදුමයක් නෙමෙයි

:       2       63

Hafeel Friday, 26 April 2024 03:55 PM

මෙතන්ටද තමයි අපි කියන්න ඕනේ අපේ ගොඋරවනිය උත්තරීතර පාර්ලිමේන්තුව කියල සහ මෙයාටද අපි කියන්න ඕනේ අපේ උත්තරීතර මන්ත්‍රී කියල?

:       1       51

Ajantha Friday, 26 April 2024 04:01 PM

පුවක් බඩිල්ලාගෙන් අපි වෙන මොනවා බලාපොරෝතු වෙන්නද ඉතින්

:       0       45

ranjith Friday, 26 April 2024 04:27 PM

මේවගේ පුද්ගලයින් රටේ උත්තරීතර තැනක එවන්නේ කවුද?

:       0       42

ජයනාත් Friday, 26 April 2024 05:18 PM

පව්කාරකම් අනුව තමයි වාහන ගිනිගන්නේ.. ඊළඟ සැරේ වාහනේ විතරක් නෙවෙයි...

:       7       33

පිටිගල මිලානෝ Friday, 26 April 2024 05:21 PM

සෙංකෝලේ උස්සාගෙන වඩේ… වඩේ… කියකියා ඇවිදින්න..

:       0       32

පිටරටවැසියා Friday, 26 April 2024 05:47 PM

දියවන්නාවේ 226ම හොඳයි... පිටකොටුවේ පුද්ගලික බස්රථ වලට මගීන් පටවාගන්න කුලියට කෑ ගහන ජොබ් එකට දාන්න.. තක්කඩි!...

:       0       34

රාලහාමි Friday, 26 April 2024 06:03 PM

ඉතින් කවුද එපා කිව්වේ? ඕක අරගෙන ගිහිල්ලා ගහගන්නවා.

:       0       26

kotiya Friday, 26 April 2024 10:25 PM

මෙන්න මුගේ ඇමැතිකම් මන්ත්‍රී කම් අයින් කරලා පාර්ලීමේන්තූ වේත්‍රදාරී කම දීපල්ලා.....

:       0       2

නිහාල් Friday, 26 April 2024 10:36 PM

මේ වගේ දෙයක් නොකර නීති සම්පාදනයට එකතු වෙන්න කියලාද? මිනිහා කරන්න ගියේ හරි දේ. ගැලපෙනම දේ...!

:       0       2

Don perea Saturday, 27 April 2024 12:51 AM

පාර්ලිමේන්තු අම්බරුවන් ...

:       0       5

Kazi Shajahan Saturday, 27 April 2024 08:16 AM

පාලිමන්ට් එකේ චන්ඩි පාට් දාලා එලියට එනකොට ,මහජනයාට ඔහුට හෝ ඇයට හොඳ ගහන්න පුළුවන් වෙන විදියේ පනතක් සම්මත කරලා දෙනවද

:       0       3

Bunny Preena Saturday, 27 April 2024 10:35 AM

අපරාදේ කියන්න බැහැ... මොහුව පත්කරපු ඌව පළාතේ ජනතාව බොහොම විනය ගරුක ජනතාවක්...

:       0       3

චන්දිම Saturday, 27 April 2024 11:01 AM

මම දැක්කා වීඩියෝ එකක මේ යෝදයා පිස්තෝලයක් අරන් එක උලුක් කරගෙන වාහනයක් පස්සෙන් එකේ යන අයට වෙඩි තියන්න වගේ පස්සෙන් දුවගෙන දුවගෙන එලවාගෙන එනවා. ඒකට නඩුවකද කොහෙද තිබ්බා මගේ හිතේ. හැබැයි ඊට පස්සේ වෙච්ච දෙයක් නැහැ. මොකද මේ ලංකාවේ මේ ගොල්ලෝ මොනවා කලත් නඩු වැටෙන්නේ නැහැනේ.

:       0       3

ගමේ එකාලා Saturday, 27 April 2024 05:32 PM

කිසිම චාරයක්, ලැජ්ජාවක්, උගත්කමක් නැති කෙනෙක්ට මොනවා කරන්ඩ බැරිද?

:       0       3

nihal Sunday, 28 April 2024 12:32 AM

ගොනා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 433 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 239 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1030 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site