IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


‘‘ඖෂධ හිඟයෙන් රෝගීන් අපහසුවේ‘‘

(නිමල කොඩිතුවක්කු)

ඖෂධ හිඟය මෙන්ම වෛද්‍යවරුන්ගේ හිගයෙන් සෞඛ්‍ය පද්ධතියට විශාල බලපෑමක් හටගෙන ඇතැයි හිටපු සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා කොළඹදී අද(25) පැවසීය.

ඉතා දරුණු ඖෂධ හිගයක් රජයේ රෝහල්වලත් පුද්ගලික අංශයේත් පවතින බවත් බොහෝ ඖෂධ ෆාමසි මගින් මුදල් දී ලබාගැනීමටවත් නොමැති බවත් සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.

පිළිකා වලට අවශ්‍ය ඖෂධ, ජීවිත ආරක්ෂක ඖෂධ ඇතුලු අත්‍යවශ්‍ය ඖෂධ රැසක් හිඟ වීමෙන් රෝගීන් දැඩි පීඩාවට පත්ව ඇති බවත් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

මෙවැනි දරුණු ඖෂධ හිගයක් ලංකා ඉතිහාසයේ කිසි දිනක සිදුව නොමැති බවත් මෙම ගැටලුව දිගින් දිගටම පැවතියත් සෞඛ්‍ය අමාත්‍යංශයට ඒ සඳහා විසදුමක් නොමැති බවත් සේනාරත්න මහතා තවදුරටත් පැවසීය.

 



අදහස් (6)

‘‘ඖෂධ හිඟයෙන් රෝගීන් අපහසුවේ‘‘

Nilkamal Sunday, 25 September 2022 10:06 PM

ඔයත් මෙව්වට වගකියන්න ඕනෑ කියලා අමතක වුණාද? දත් දොස්තර...!

:       0       5

nedakin Sunday, 25 September 2022 10:49 PM

ගුටි කෑවත් ගුටි කෑවේ නෑ වගේ ඉන්න ලජ්ජා නැති බුවෙක්

:       3       8

ත්‍රස්ත මාෂල් Monday, 26 September 2022 08:53 AM

ඉස්සර ගහපු මාටියා පාරවල ප්‍රතිපල තමයි දැන් ජනතාව විදවමින් ඉන්නේ . 225 ම බබාලා, අවරුදු 20ක් විතර කිරි බිබී පාර්ලිමේන්තුවේ නිදාගෙන ඉදල . පව් .

:       2       8

anta Monday, 26 September 2022 09:44 AM

මොන ප්‍රශ්න තිබ්බත් මෙතුමගෙ කලෙ බෙහෙත් තිබ්බ අඩුවටත් දුන්න, ඔපරේෂන් සඳහා හොඳමදේ ගෙනත් දුන්න, මිලත් අඩු කරා. සේනක බිබිලෙ මහත්මයාගෙ ප්‍රතිපත්ති ක්‍රිාත්මක කාරා. බෙබෙතෙ නමින් නිකුත් කරන්න ක්‍රම සැලැස්සුව. අනිත් අයට වඩා මෙයා හොඳයි.

:       5       3

ලයන් Monday, 26 September 2022 10:34 AM

මේ ඉන්නේ තව නොම්මර 1 කෙනෙක්.., ඇමැති වෙනකොට මෙයාගේ දොස්තර අඹුව ලේකම්, හෙද ඇමැතිකාලේ ලංකාවේ ඉස්පිරිතාල මෙයාට හොඳ මදි.., ජනාධිපති අරමුදලෙන් කෝටි ගානකට දුන්නා... පපුවේ අමාරුවට සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලට සැත්කමට පැනලා. මොකද මොවුන්ගේ ජීවිත, රත්තරන්.... අපේ ජීවිත මේ අයට සත 5ක් වටින්නේ නෑ... පුතාවත් ගත්තා දියවන්නාවට... රටේ වාසනාවට ඒක පැරදුණා... මේ සැරේවත් මොවුන් ඔක්කොම ගෙදර එලවලා හොරකම් කරපු සල්ලි හිරේ විලංගුවේ දාලා හරි මොවුන්ගෙන් ගන්න ඕනේ...

:       1       7

jayasekara Monday, 26 September 2022 10:44 AM

කිඹුල් කඳුළු... මෙයාගේ කෙරුවාවත් අපිට මතකයි. ගහපු ගැහිලි බෙහෙත්වලින්...!

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 339 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 211 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1003 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site