IMG-LOGO

ඖෂධ හිඟයට ප්‍රධාන හේතුව රවී කියයි

(යොහාන් භාසුර)

රට තුළ ඖෂධ හිඟයක් ඇතිවීමට ප්‍රධාන හේතුවක් ඖෂධ නියාමන අධිකාරීයට බලපෑම් කරන ඇතැම් විශේෂඥයින් ඉන්දියන් ඖෂධ විරෝධයක් නිර්මාණය කිරීම සහ සෞඛ්‍ය ඇමතිවරයා  අනවශ්‍ය ඉන්දීය පක්ෂපාතීත්වයක් පෙන්වීම බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේෂ් මහතා පැවසීය.

ඖෂධවල තත්වය පිළිඳව වගකීම කිසිසේත්ම සෞඛ්‍ය ඇමතිවරයාට හෝ සෞඛ්‍ය අමාත්‍යාංශයට බාරගත නොහැකි අතර එය සම්පූර්ණයෙන්ම ඖෂධ නියාමන අධිකාරීයේ වගකීමක් බව කී කුමුදේෂ් මහතා අධිකාරියේ තාක්ෂණික මතය හසුරවන ඇතැම් විශේෂඥයින්, තාක්ෂණික තීරණවලට වඩා පෞද්ගලික තීරණ මත කටයුතු කිරීමෙන් අඩු මිලට ගත හැකි ඖෂධ හා ප්‍රතික්‍රීයක ලබා ගැනීමට බාධාවක් නිර්මාණය වී ඇති බව ද සඟන් කළේය.

ලියාපදිංචිය නොකල ඖෂධයක වගකීම සෞඛ්‍ය ඇමතිවරයාට, අමාත්‍යාංශයට හෝ මොනම ආකාරයක විශේෂඥ වෛද්‍යවරයෙකුට හෝ වෙනත් කිසිවෙකුට හෝ භාරගත නොහැකි අතර පෞද්ගලික අවශ්‍යතා මත පාර්ශව දෙකම සෞඛ්‍ය සේවාව අමාරුවේ දමමින් සිටින බවත් රවී කුමුදේෂ් මහතා වැඩි දුරටත් කීය.



අදහස් (3)

ඖෂධ හිඟයට ප්‍රධාන හේතුව රවී කියයි

sidath Tuesday, 21 February 2023 06:13 PM

දැනට රටට අවශ්‍ය ඖෂධ බොහොමයක් ආනයනය කරන්නේ ඉන්දීය නය පහසුකම් යටතේයි. එවැනි තත්වයක් මත, ඉන්දියානු සමාගම් වලින් ඖෂධ මිලදී ගැනීම සඳහා බලපෑම් ඒම ස්වභාවික දෙයක්. මේ යතාර්ථය පිළිගන්නට අකමැති උදවිය, තමන්ට කැමති තැනකින් ඖෂධ මිලදී ගැනීමට අවශ්‍ය විදේශ විනිමය සොයා ගන්නා ආකාරයත් ඉදිරිපත් කල යුතුයි.

:       0       0

Chanu Tuesday, 21 February 2023 06:48 PM

රවී කියන කතාව හරියටම හරි. අපි හැමදාම අත දික් කරන්නේ දේශපාලන බලවතා ට. හැබැයි ඔය මිනිස්ට්‍රි එකේ ඉන්න සබ්ජෙක්ට් ක්ලාක් දෙන ගේම කාටවත් පෙන්නේ නෑ. මම දන්න ප්‍රඩක්ට් එකක ෆයිල් දෙසැම්බර් 2 ඉදන් සබ්ජෙක්ට් ක්ලාක් ගාව. බඩු නෑ. ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එකෙන් බඩු ගේන්න ඔක්කොම ඇප්රුව් කරලා. සබ්ජෙක්ට් ක්ලාක් ෆයිල් එක තියාගෙන ඉන්නවා

:       0       0

කමල් Tuesday, 21 February 2023 08:50 PM

ආ...! මිස්ටර්. ටෙස්ටිං... කොහොමද පඩි එහෙම ඇතිද? වර්ජන එහෙම කෙරීගෙන යනවාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 438 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 612 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site