(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ ඖෂධ ඉල්ලුමෙන් සියයට 50 ක් රට තුළ නිෂ්පාදන කිරීම ඉලක්කය බවත් එම ඉලක්කයට ඉදිරි වසර දෙක තුළ යෑමට බලාපොරොත්තු වන බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ ඖෂධ ඉල්ලුමෙන් සියයට 15 ක් පමණ ප්‍රමාණයක් මේ වන විට රට තුළ නිෂ්පාදනය කරන බව කී අමාත්‍යවරයා එම ප්‍රතිශතය සියයට 50 ක් දක්වා වැඩිකර ගතහොත් විදේශ විනිමය ඉතිරි කරගැනීමේ හැකියාව ලැබෙන බව ද සඳහන් කළේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.