(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ ඖෂධ ඉල්ලුමෙන් සියයට 50 ක් රට තුළ නිෂ්පාදන කිරීම ඉලක්කය බවත් එම ඉලක්කයට ඉදිරි වසර දෙක තුළ යෑමට බලාපොරොත්තු වන බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ ඖෂධ ඉල්ලුමෙන් සියයට 15 ක් පමණ ප්‍රමාණයක් මේ වන විට රට තුළ නිෂ්පාදනය කරන බව කී අමාත්‍යවරයා එම ප්‍රතිශතය සියයට 50 ක් දක්වා වැඩිකර ගතහොත් විදේශ විනිමය ඉතිරි කරගැනීමේ හැකියාව ලැබෙන බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුව රටින් ගෙනත් අඹරලා ගුලි පෙති කරල් හැදීමට ඔය කියන්නේ. බටහිර ඖසධ තියා ආයුර්වේදවත් මේ රටේ නිෂ්පාදනයක් කරනවද? අපිට ඖෂධ නිපදවන්න නම් බැහැ. මොකද මිනිස්සුන්ගේ ජීවිත. ප්‍රමිතියෙන් යුතු දේවල් හරි ක්‍රමයට මිලදී ගමු. ඇමතිවරයා මේ නිෂ්පාදන බීලා ලංකාවෙන් බෙහෙත් ගන්නවනම් කමක් නෑ.
හරිම සරලව කියනවනම් රටේ හදන 15%ට මුන් කෙලින් හදන්නේ.
ඔහෙලගේ ඔක්කොම ඉලක්ක ඉදිරි වර්ෂ දෙක තුළ. මෙහෙ මිනස්සුන්ට බෙහෙත් ටිකක් ගන්න විදියක් නැහැ. බොරු බයිලා තමා හැමදේම.
කරන්න බලාපොරොත්තු වෙනවා තමයි හැමදාම. 1948 ඉඳලා බලාපොරොත්තු වෙනවා. අපි මේවා කෙරුවා කියලා කියන්න දෙයක් ඇත්තෙම නැද්ද. කොච්චර බලාපොරොත්තු දැන් දීල ඇද්ද. හැමදාම ලොකු කතා මුලින් වැඩ නෑ...... මුලින් වැඩ කරලා අපි මෙහෙම කෙරුවා කියලා කියන්න පුරුදු උනොත් හොඳයි. ඒත් ඕනේ නෑ. තව ටික දවසයි නේ චන්දෙට . කමක් නෑ ඔහොම යං.....ඖෂධ සියයට 50ක් රටේම නිෂ්පාදනය කරන්න බලාපොරොත්තු වෙනවා කීවා නේද. කොච්චර දෙයක්ද අපේ ඇමතිතුමා. හරිම වටිනවා.
ආපහු බැල්කනි පනින්න වගේ හදන්නේ.
අර පොහොර තහනම නිසා මිනිස්සු හාමතේ හරි ජීවත් වුණා. මේ වැඩෙන් වෙන්නේ මිනිස්සු කොටසක් කෙලින්ම මැරෙන එක. අනික් කොටස රෝග සුවකරගන්න බැරිව අබල දුබලව කල් ගෙවාවි. ඔය කියන කර්මාන්ත ශාලා හදන්න අවශ්‍ය යකඩ සිමෙන්ති සහ ටයිල්වත් රටේ නැහැ.
ආයෙත් මේ අය බයිලා කියන්න පටන් ගත්තා. පසුගිය කාලේ ඔය ටිකට අමතක වුණාද? ජනාධිපතිතුමා කීවා නේද බොරු කියන එක නවත්තලා වැඩ කරන්න කියලා...
අනේ පලඩෝ යන්ඩ. කොමිස් කාක්කා. ලැබෙන කොමිස් අඩු කරගන්න නම් කීයටවත් මෙවැනි දේවල් කරන්නේ නැහැ.