IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඖෂධ වංචාවක් ගැන තවත් පැමිණිල්ලක්

(යොහාන් භාසුර)

'ප්‍රෙඩ්නිසිලෝන්' නැමති ඖෂධය ගෙන්වීම සඳහා ඉදිරිපත් කර තිබූ ව්‍යාජ සහතික පිළිබඳව ඖෂධ අධිකාරීයට වාර්ථා වී තිබුණ ද ඒ පිළිබඳව විමර්ෂණ ඉතා සූක්ෂමව අයුරින් යට ගැසීම හේතුවෙන් ව්‍යාජ සහතික හරහා සිදුවූ ඖෂධ ජාවාරම පිළිබඳ විධිමත් පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලමින් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (26)  පැමිනිල්ලක් ඉදිරිපත් කලේය.

පසුගිය වසරේ සැප්තැම්බරයේදී ඉමියුනෝග්ලොබියුලින් පිළිබඳ ව්‍යාජ සහතිකය හෙලිදරව් වීමත් සමග, ප්‍රථම වතාවට එවන් තත්වයක් ඇතිවූවා සේ හඟවමින් ඖෂධ අධිකාරිය වරදින් ගැලවීමට උත්සාහ දරමින් සිටියද, ඊට පෙර එම වසරේ ජනවාරි මාසය තුල හමුවූ ව්‍යාජ සහතික හරහා සිදු වූ ජාවාරම යට ගැසීම හරහා ඖෂධ නියාමන අධිකාරිය හොර සහතික පිළිබඳව විධිමත් මැදිහත් වීමක් නොකරමින් දීර්ග කාලයක් තිස්සේ කල්මරමින් සිටින බවත් ව්‍යාජ සහතික හරහා ගෙන්වා ඇති ප්‍රෙඩ්නිසිලෝන් ඖෂධය පිළිබඳව පුර්ණ පරීක්ෂණයක් කරන ලෙසත්, ඉමියුනෝග්ලොබියුලින් සඳහා ඉදිරිපත් කර තිබූ ව්‍යාජ සහතික පිළිබඳ අනාවරණය නොවූ රහස් එමගින් හෙලිදරව් කර ගන්නා ලෙසත්, එම පැමිණිල්ලෙන් ඉල්ලා තිබේ.



අදහස් (0)

ඖෂධ වංචාවක් ගැන තවත් පැමිණිල්ලක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 261 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site