
(ඩයනා උදයංගනී)
ඩොලරයට සාපේක්‍ෂක රුපියලේ සිදුවූ වෙනසට අනුපාතිකව ඖෂධ මිල වැඩිකිරීමට සිදුවන නමුත්, ඖෂධ ආනයනකරුවන්ට සහ ඔසුසල් හිමියන්ට අවශ්‍ය අයුරින් ඖෂධ මිල තීරණය කිරීමට අවසර දී නැතැයි ඖෂධ නිෂ්පාදන, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.
ශ්‍රී ලංකාව තුළ ඖෂධ මිල පාලනය සිදුකරනුයේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මිල පාලන කමිටුව විසින් බව ද එම අමාත්‍යාංශය සඳහන් කරයි.
වෛද්‍ය පාලිත අබේකෝන් මහතාගේ සභාපතීත්වයෙන් යුත් එම කමිටුව විවිධ ක්‍ෂේත්‍ර නියෝජනය කරන විද්වතුන් 13 දෙනකුගෙන් සමන්විත බව ද රාජ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෙහෙත් මිල වැඩිකරන මොහොතක් පාසා රාජිත සේනාරත්න මැතිතුමා මතක් වෙන්නේ එතුමා විශාල ලෙසට බෙහෙත් මිල අඩුකළ නිසාම නොවෙයි.. ඒ වෙනුවෙන් එතුමාගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න කියලා වියතුන් කියපු නිසායි...
වසරක කාලයක් තුළ සියළුම භාණ්ඩවල මිල දෙගුණ වෙලා.. එහෙම නම් වැටුපත් දෙගුණ කරන්න. පුද්ගලික අංශයටත් එසේ කරන්න බල කරන්න...
මොනවා නැතත් රාජිත ලොක්කා හොඳයි...