IMG-LOGO

‘ඖෂධ නැතැයි සිතා හදිසියකදී රෝහල්ගත නොවී ඉන්න එපා ‘

(නිමල කොඩිතුවක්කු)

රෝහල්වල ඖෂධ නොමැති යැයි උපකල්පනය කර හදිසි අසනීපයකදී නිවසට වී සිටීමෙන් වළකින්නැයි  රෝගීන් ගෙන් ඉල්ලීමක් කරන බව කොළඹ ජාතික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක මහතා ප්‍රකාශ කළේය.

එමෙන්ම නියමිත පරිදි සායනවලට සහභාගී වී අවශ්‍ය ඖෂධ ලබා ගන්නා බවත් විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.

නියමිත ඖෂධ නොමැති නම් ඒ සඳහා ආදේශක ඖෂධ ලබා දීමට වෛද්‍යවරුන් කටයුතු කරන බවත් සෞඛ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ  අද(9)පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

එමෙන්ම ඖෂධ අනවශ්‍ය ලෙස ගබඩා කිරීමෙන් සහ නාස්ති කිරීමෙන් වළකින ලෙස රෝගීන් ගෙන් ඉල්ලීමක් කරන බවත් වෛද්‍යවරයා කීවේය.

මාස ගණන් ඖෂධ ගබඩා කිරීමෙන් එම ඖෂධවල ගුණාත්මක භාවය අහිමි වී යාමේ අවධානමක් පවතින බවත් හෙතෙම පැවසීය.

රෝහල්වල වෛද්‍යවරුන්ගේ ගැටළුවක් නොමැති බැවින් රෝගය සහ ඖෂධ නිශ්චය කිරීම වෛද්‍යවරුන්ට සිදු කිරීමට අවස්ථාව ලබා දෙන ලෙසත් වෛද්‍යවරයා කීවේය.

ජීවිත බේරාගැනීම වෙනුවෙන් ප්‍රමුඛත්වය  ලබා දී කටයුතු කරන බවත්  අත්‍යවශ්‍ය ඖෂධ නොමැතිනම් ඒ වෙනුවෙන් දිය හැකි ආදේශක ඖෂධ නිකුත් කිරීමට වෛද්‍යවරුන් කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (0)

‘ඖෂධ නැතැයි සිතා හදිසියකදී රෝහල්ගත නොවී ඉන්න එපා ‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 316 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 82 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 259 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site