IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


ඖෂධ ගන්න අමාත්‍යාංශ ප්‍රතිපාදන තව සියයට 1ක් කපයි

(ඩයනා උදයංගනී)

ඖෂධ ගෙන්වීම සඳහා මුදල් සොයාගැනීම වෙනුවෙන් සියලු අමාත්‍යාංශවලට වෙන්කර ඇති මුදල් ප්‍රතිපාදනවලින් සියයට 1ක් කපාහැරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් අමාත්‍යාංශවලට වෙන්කළ මුදලින් සියයට 5ක් කපාහැරීමට අමාත්‍ය මණ්ඩලය පසුගිය සතියේ තීරණය කළ අතර, මෙම සියයට 1ත් සමඟ අමාත්‍යාංශවල මුදල් ප්‍රතිපාදනවලින් සියයට 6ක් කපාහැරීම සිදුවන බව ඇමතිවරයා සඳහන් කළේය.

බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (17) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

ඖෂධ සඳහා අතිරේක රුපියල් කෝටි 1,000ක පමණ මුදලක් අවශ්‍ය බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අමාත්‍ය මණ්ඩලයට දැනුම් දුන් බව කී ඇමතිවරයා එය ලබාදීමට වෙනත් ක්‍රමයක් නොමැති බව ද පැවසීය.

ඖෂධ සඳහා කෙසේ හෝ මුදල් ලබාදිය යුතු බැවින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ බව ද ගුණවර්ධන මහතා කීවේය. 



අදහස් (3)

ඖෂධ ගන්න අමාත්‍යාංශ ප්‍රතිපාදන තව සියයට 1ක් කපයි

ranjith Tuesday, 17 January 2023 06:15 PM

ඔබලාට මේ රට ගොඩගන්න බැරි බව ඉතා පැහැදිලියි. රට බංකොලොත් කරන එකනම් කරා.

:       0       2

Gunawardhana Wednesday, 18 January 2023 08:31 AM

සෞඛ්‍යට කියල වෙනත් අමාත්‍යංශ වලින් කපන 6% ඇත්තටම ඖෂධ වලට විතරක්ම යොදවනවන්ම් කමක් නෑ.. ඒක අස්සෙ GMOA එක තමන්ගෙ දීමනා වැඩි කරගන්න යනව කියල ආරංචි. එහෙම උනොත් ඉතින් පාලකයන්ට සහ සංගම් කාරයන්ට හෙන ඉල්ලන එක තමා කරන්න තියෙන්නෙ

:       0       2

ashok Wednesday, 18 January 2023 09:00 AM

ආර්ථික දුෂ්කරතාවක් ඇත්නම් බොරු සෝබන වැඩ නතර කරන එක හොද නැතිද? රාජ්‍ය සේවක වැටුප් පවා ගෙවාගත නොහැකිව, අහින්සක රෝගීනට බෙහෙත් නැතුව ශ්‍රී ලංකාවට සිය 75 වැනි නිදහස අභිමානවත්ව සැමරිමට කොටි ගණන් වියදම් කල හැකිද ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 91 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 236 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 585 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site