(ඩයනා උදයංගනී)
ඖෂධ ගෙන්වීම සඳහා මුදල් සොයාගැනීම වෙනුවෙන් සියලු අමාත්‍යාංශවලට වෙන්කර ඇති මුදල් ප්‍රතිපාදනවලින් සියයට 1ක් කපාහැරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් අමාත්‍යාංශවලට වෙන්කළ මුදලින් සියයට 5ක් කපාහැරීමට අමාත්‍ය මණ්ඩලය පසුගිය සතියේ තීරණය කළ අතර, මෙම සියයට 1ත් සමඟ අමාත්‍යාංශවල මුදල් ප්‍රතිපාදනවලින් සියයට 6ක් කපාහැරීම සිදුවන බව ඇමතිවරයා සඳහන් කළේය.
බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (17) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
ඖෂධ සඳහා අතිරේක රුපියල් කෝටි 1,000ක පමණ මුදලක් අවශ්‍ය බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අමාත්‍ය මණ්ඩලයට දැනුම් දුන් බව කී ඇමතිවරයා එය ලබාදීමට වෙනත් ක්‍රමයක් නොමැති බව ද පැවසීය.
ඖෂධ සඳහා කෙසේ හෝ මුදල් ලබාදිය යුතු බැවින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ බව ද ගුණවර්ධන මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබලාට මේ රට ගොඩගන්න බැරි බව ඉතා පැහැදිලියි. රට බංකොලොත් කරන එකනම් කරා.
සෞඛ්‍යට කියල වෙනත් අමාත්‍යංශ වලින් කපන 6% ඇත්තටම ඖෂධ වලට විතරක්ම යොදවනවන්ම් කමක් නෑ.. ඒක අස්සෙ GMOA එක තමන්ගෙ දීමනා වැඩි කරගන්න යනව කියල ආරංචි. එහෙම උනොත් ඉතින් පාලකයන්ට සහ සංගම් කාරයන්ට හෙන ඉල්ලන එක තමා කරන්න තියෙන්නෙ
ආර්ථික දුෂ්කරතාවක් ඇත්නම් බොරු සෝබන වැඩ නතර කරන එක හොද නැතිද? රාජ්‍ය සේවක වැටුප් පවා ගෙවාගත නොහැකිව, අහින්සක රෝගීනට බෙහෙත් නැතුව ශ්‍රී ලංකාවට සිය 75 වැනි නිදහස අභිමානවත්ව සැමරිමට කොටි ගණන් වියදම් කල හැකිද ?