(රංජන් කස්තුරි)

රෝගීන්ට අවශ්‍ය ඖෂධ මිලදී ගත හැකි ළඟම පිහිටි ඔසුසල් හා ඒවායේ මිල ගණන් පිළිබඳ තොරතුරු නිවසේ සිටම දැනගත හැකි නව ජංගම දුරකතන යෙදවුමක් (ඇප් එකක්) හඳුන්වා දී තිබේ.

රටපුරා ඔසුසල් 3000ක් පමණ ආවරණය වන පිරිදි ‘‘මෙඩි සර්ඩ්‘‘ නමින් හඳුන්වාදී තිබෙන මෙම ජංගම දුරකතන යෙදවුම මගින් ඉතා පහසුවෙන් සහ නොමිලයේ තොරතුරු ලබගත හැකි වීම විශේෂත්වයකි.

දැනටමත් ජේ- මාස්ටර් යෙදවුම භාවිතා කරනන්නට මෙඩිසර්ඩ් යෙදවුම නොමිලයේ බාගත හැකිය.