IMG-LOGO

ඕස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට මූල්‍ය සහනයක්

(විමුක්ති එස් රුද්‍රිගු)

දැඩි ආර්ථික අර්බුදයකට මුහුණපා සිටින ශ්‍රී ලංකාවට ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 50ක මූල්‍ය සහනයක් ලබා දෙන බව ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍යංශය අද (20) නිවේදනය කළේය.

ආහාර, අත්‍යාවශ්‍ය ඖෂධ සහ ඉන්ධන හිඟතාවයකට මුහුණදී සිටින ශ්‍රී ලංකාවට මෙම සහාය ප්‍රයෝජනවත් වනු ඇතැයි ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේය.

මෙම මූල්‍ය සහාය යටතේ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 22 ක මුදලක් ශ්‍රී ලංකාවට හදිසි ආහාර ආධාර ලබා දීම සඳහා ලෝක ආහාර වැඩසටහනට ලබා දෙන අතර 2022-23 වසරේදී සංවර්ධන සහාය ලෙස  තවත්  ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 23 ක මුදලක් සෞඛ්‍ය සේවා සහ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා යෙදවනු ඇති බව පැවැසෙයි.

ලෝක ආහාර වැඩසටහනට ලබා දෙන ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 22 ක මුදල ශ්‍රී ලංකාවේ ලක්ෂ 30 ක ජනතාවකට දෛනික ආහාර අවශ්‍යතා සපුරාලීම සඳහා යොදා ගැනෙනු ඇතැයි ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේය.

සෞඛ්‍ය සේවා සහ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ලබා දෙන ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 23 මුදල යෙදවීමේදී අවදානමට ලක් වූ පිරිස් විශේෂයෙන් කාන්තාවන් සහ දරුවන් කෙරෙහි අවධානය යොමු කරන බව පැවැසෙයි.

ඉතිරි ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 5 ක මුදල දැනටමත් මෙරට ක්‍රියාත්මක එක්සත් ජාතීන්ගේ ආයතන  සඳහා ලබා දී ඇති බව ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේය.

 



අදහස් (0)

ඕස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට මූල්‍ය සහනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 156 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 56 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 213 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site