IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ඕස්ට්‍රේලියාවට,කොරියාවට කරවල කවයි

(අංජුල මහික වීරරත්න)

 නව තාක්ෂණය භාවිතා කරමින් වේලන ලද කරවල හා උම්බලකඩ කිලෝග්‍රෑම් 10,000කින් යුත් පළමු කන්ටේනරය ඔස්ට්‍රේලියාවට හා කොරියාවට අපනයනය කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

 පහජ්ජාව මෙගාෆිෂ් කරවල හා උම්බලකඩ නිෂ්පාදනායතනය විසින් මෙම මෙම අපනයනය  කළේය.

ලංකාවේ  නිෂ්පාදනය කෙරෙන කරවල හා උම්බලකඩ ඔස්ට්‍රේලියාවට හා කොරියාවට අපනයනය කරන  පළමු අවස්ථාව ද මෙය වේ.

සාම්ප්‍රදායික කරවල නිෂ්පාදනයේ දී  හිරු එළියෙන්  වේලීම කළත් මෙම නව තාක්ෂණය යටතේ කරවල හා උම්බලකඩ සකසනු ලබන්නේ වායු සමීකරණ පද්ධතියක් ආශ්‍රිතව විජලනය කිරීමේ ක්‍රමවේදයක්  (Air Condition Dehydration) යොදා ගනිමිනි.

මුළුමනින්ම ආරක්ෂිත හා සෞඛ්‍ය සම්පන්න ක්‍රම යොදා ගනිමින් නිෂ්පාදනය කෙරෙන කරවල හා උම්බලකඩ මිනිස් පරිභෝජනයට ඉතාමත් උචිත බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

කරවල වේලීම සදහා Law Salt ලුණු යොදා ගැනීම, හා මාළුවල අඩංගු තෙල් (Fish Oil) ඉවත් නොවීම වැනි කරුණු නිසා මෙම නව තාක්ෂණය යටතේ වේලන ලද කරවල ගුණාත්මක බවින් ඉහළ මට්ටමක පවතී.

මෙම කර්මාන්ත ශාලාව විසින් නිෂ්පාදිත කරවල හා උම්බලකඩ පළමු කන්ටේනරය අපනයනය  කෙරෙන අවස්ථාවට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඇතුළු පිරිසක් සහභාගී  වූහ.



අදහස් (10)

ඕස්ට්‍රේලියාවට,කොරියාවට කරවල කවයි

Andrew Monday, 15 January 2024 10:27 AM

මෙතන මොන බොරුවක්ද . ශ්‍රී ලාංකික වියළි මාළු

:       16       5

Roshan Monday, 15 January 2024 10:59 AM

මේකේ මොකක්ද තියෙන බොරුව?

:       3       15

Amal Monday, 15 January 2024 10:32 AM

ඉතාමත් හොඳ වැඩක්. හැබැයි, පළමුව ආනයනය නතර කර ලංකාවත් ස්වයං පෝෂිත කරන්න. එතකොට අපේ ඩොලර් ටික ඉතුරු වේවි.

:       3       20

P.BamunusingheMonday, 15 January 2024 12:17 PM

ලංකාවට ගෙන්වන කරවලට වඩා වැඩි මුදලකට විකිණිය හැකිනම් එය ලාභදායි නොවන්නේද?

:       2       6

fairoos Monday, 15 January 2024 12:08 PM

මේ වගේ කොච්චර දේවල් අපිට කරන්න පුලුවන්ද .ඒත් මේ කාලකන්නි ආණ්ඩුව තියනකම් රටම ඉවරයි

:       7       10

GajamithuruMonday, 15 January 2024 01:54 PM

මේ ආණ්ඩුව විතරද එහෙම දේවල් කලේ කියලා තේරුම් ගන්න බැරිද. මහින්ද සුනාමියේ සිට ගසාකෑවා. ඒවා ගැන මොකුත්ම කියන්නෙ නැහැ. නයා නටවා පැමිණි ආණ්ඩුව විපක්ෂයේ කෙනෙකුට දීලා ගියා. දැන් රියදුරා ටිකක් ප්‍රවේශමෙන් යනවා .ඒ නිසා ආණ්ඩුව කියන්නෙ රියදුරු නැතුව නම් ඔබේ අදහස නිවැරදියි.

:       6       4

බයියා Monday, 15 January 2024 12:17 PM

ඕක මොකක්ද. අපිට අවු 75 ක් තණකොල කැව්වෙ මෙයාල

:       4       12

sam Monday, 15 January 2024 03:01 PM

//ලංකාවේ නිෂ්පාදනය කෙරෙන කරවල හා උම්බලකඩ ඔස්ට්‍රේලියාවට හා කොරියාවට අපනයනය කරන පළමු අවස්ථාව ද මෙය වේ.// එතකොට දැන් ඕස්ට්‍රේලියාවේ ලාංකික, සහ අනිකුත් ආසියාතික කඩ වල තියන ලංකාවේ නිෂ්පාදිත කරවල සහ උම්බලකඩ මෙහෙට ආවේ කොහොමද? ඒවා මාළු හැටියට ලංකාවෙන් අපනයනය කරලා, ප්‍රවාහනයට කල් ගත වීම නිසා ඔස්ට්‍රේලියාවට එනකොට කරවල, උම්බලකඩ වෙලා වෙන්න ඇති!

:       1       4

don Monday, 15 January 2024 08:35 PM

ධීවර කටයුත්තක් කරන්නේ වෙන අමාත්‍යංශයකින්

:       0       0

Perera Tuesday, 16 January 2024 05:08 AM

ලංකාවෙන් භාගයක් ජනතාව පදිංචි ඔය රටවල .උන් තමයි කරවල කන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 10 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site